(රංජිත් රාජපක්ෂ)

දිට්වා සුලි කුණාටුවෙන් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර   නිරීක්ෂණ චාරිකාව  සාර්ථකව සිදු කළ බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දනුෂ්ක දිසානායක මහතා කියා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පෞද්ගලික අංශය සමග එක් වී නානුඔය සහ අඹේවෙල අතර නාය ගිය දුම්රිය මාර්ගය තම අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරිමට හැකි වූ බවයි.

ඒ අනුව මෙතෙක් අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය මේ මස 20 දින සිට නානුඔය සිට ධාවනය කරන බව විධායක ඉංජින්රුවරයා පැවසීය.