
(අංජුල මහික වීරරත්න)
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.
උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ නිලධාරීන් 192ක් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකුට සඳහා මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමීම සිදු කෙරේ.
මෙම තනතුරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුක් වේ.
උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන් ගොඩනැගිල්ලක් සොයා ගත යුතු අතර, එම උප තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා රජයෙන් ගෙවනු ලැබූ රුපියල් 1500 ක දීමනාව 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7500 ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd