මත්පෙති සමග තිදෙනෙක් මාට්ටු පොලිස් නිල කැබ්රථයට සමාන කැබ්රථයක් තුළ හඳුන් කූරු පෙට්ටි ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් එක්කෝටි හැට තුන් ලක්ෂයක් පමණ වටිනා මත් පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොටහේන ශාන්ත ලුසියා වීදියේ දී අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය සඳහන්කරයි. 01 April 2026
මෛත්‍රිගෙන් ලෝක රාජ්‍ය නායකයන්ට ආරාධනයක් යුද්ධය නතර නොවුණහොත් ලංකාව මීට වඩා බැරෑරුම් ප්‍රශ්නවලට යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 01 April 2026
හොරෙක් පස්සේ පන්නද්දී OIC බිම වැටි ගිනි අවිය පත්තු වෙලා සැකකරුවන් පිරිසක් ගැන ලැබුණු තොරතුරකට අනුව වැටලිමකට ගිය බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථාණාධිපතිවරයා සැකකරුවකු පසුපස ලුහු බඳිද්දී බිම ඇද වැටී ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය පත්තුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 01 April 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත. 01 April 2026
කෝටි 600 කුඩු දික්ඕවිටට රැගෙන එයි ඈත ගැඹුරු දියඹේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ තිබී මත්කුඩු කිලෝ 300 ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව කියයි. 01 April 2026
ගල්අඟුරු ජරමරේ ඇත්ත කතාව හොයන්න කෝප් 9 වැඩට බහී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ආනයනය කෙරුණු ගල්අඟුරු සහ එම බලාගාරයේ කටයුතු සම්බන්ධ විමර්ශනය ලබන 09 වැනිදා ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 01 April 2026
උසස් පෙළ ප්‍රථිපල නිකුත්වේ 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 01 April 2026
ගුවන් ගමනට වැස්ස හරස්වෙයි කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට හදිසියේ හටගත් මහ වැසි නිසා , ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ගොඩබැස්සවීමට නොහැකිව ඉහළ අහසේ රවුම් ගසමින් සිටීමට සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 31 March 2026
ගාල්ල දුම්රියපොලේ ගින්නක් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන ඇතැයි කියයි. 31 March 2026
සංවිධානාත්මක අපරාධ වළක්වන්න නව පනතක් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
මුදල් ඔට්ටුවට කැට ගැසුවට උසාවියෙන් දුන් දඬුවම හෝමාගම දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ ඉඩමක මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණු ව්‍යාපාරිකයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් ප්‍රජා සේවයේ යොදවන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) දින නියෝග කළාය. 31 March 2026
රුසියානු විදේශ නි. ඇමැති මෙරට සංචාරයක රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා 03/31 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 31 March 2026
අබලි ලෝහ අපනයනය නවත්තයි දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
වංචාවල අයෙක් කොරියා රැකියා වංචා කරලා දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. 31 March 2026
ආණ්ඩුව කිව්ව විදියට කළා නම් විදුලි බිල අස්ප ගාණකින් වැඩිවෙනවා ආණ්ඩුව කිව්ව විදිහට කළා නම් විදුලි බිලා අස්ප ගාණකින් වැඩි වන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. 31 March 2026
රුසියා සභානායක - ලංකා සභානායක හමු වෙයි රුසියා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ සභානායක සහ රුසියානු රාජ්‍යයේ පාලක පක්ෂය වන “United Russia” පක්ෂ කණ්ඩායමේ නායක ව්ලැඩිමීර් වාසිලියෙව් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ හමුවක් රුසියාවේ State Duma හිදී පැවැත්විණි. 31 March 2026
ලූෂන්ගේ ‘‘පිණිබර යාමේ‘‘ හොරකම් කළාට ලක්ෂ 10ක් ගෙවන්න වෙයි ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරනු ලබන ‘පිණිබර යාමේ සැවුලන් අඬලනවා’ නමැති ගීතය එහි රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ අවසරයකින් තොරව ‘ටොරානා ඩිස්ටිබුටර්’ සමාගම විසින් ‘සඳකඩපහණ’ නැමැති ඩීවීඩී පටයකට අඩංගුකර බෙදා හැරීමෙන් බුලත්සිංහල මහතාගේ බුද්ධිමය දේපල අවභාවිතා කිරීම වෙනුවෙන් රුපියල් දශලක්ෂයක වන්දියක් ගෙවීමට නියෝග කරමින් කොළඹ වාණිජ මහාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. 31 March 2026
උමා ඔයෙන් ඉඩම් අහිමි පවුලකට ලක්ෂ 12ක් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වගා ඉඩම් අහිමි වූවන් වෙත වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
සජින් ද වාස්ට ඇප වසරක් ඇතුළතදී රුපියල් කෝටි 24ක් අයථා වත්කම් ඉපවුයේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 31 March 2026
ජනකට එරෙහි චෝදනා අහෝසි කළ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට 1999 වසරේ ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනුකොට ඇති අධිචෝදනාව අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගය ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 31 March 2026
විදුලි සංදේශ බදු පනත සංශෝධනයට විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
කතානායක චීනයේ බෝආඕ සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා චීන මහජන සමූහාණ්ඩුවේ හයිනාන් පළාතේ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference 2026) සහභාගී වීම සඳහා එහි නිල සංචාරයක නිරත විය. 31 March 2026
මන්ත්‍රීලා පිරිසක් ඉන්දියාවේ අධ්‍යයන චාරිකාවක යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයෝ පිරිසක්, නවදිල්ලි සහ මුම්බායි හි අධ්‍යයන සංචාරවල නිරත වූහ. 31 March 2026
සම්බා - කීරි සම්බා සමාන හාල් රටින් ගෙනෙයි දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
පාසල්වලට සිසුන් ගන්න නව චක්‍රලේඛයක් එයි පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
රාජ්‍ය වෙසක් උත්සවය මාතරට රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
රටවල් 39 කට නොමිලේ සංචාරක වීසා රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
ඉෂාරාගේ උපන්දින කේක් සිද්ධියට OIC ට මාරුවක් ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යැවීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 31 March 2026
ඉන්ධන මිලට රජයෙන් සහනයක් රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 March 2026
’’සුගතදාස’’ කෝටි පහමාරක් වැරදි පාරෙන් තැන්පතු දාලා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් 2023 වර්ෂයේදී නිසි අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 31 March 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026