
(සනත් ගමගේ )
අම්බලන්තොට ජාතික පාසලක 15 හැවිරිදි සිසුවියක එම පාසලේදීම වෙනත් පාසලක පාසල් සිසුවකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ චෝදනාව යටතේ එම විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා සැකකාර පාසල් සිසුවා අද අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
ඉකුත් මැයි මස 21 දින හෝ ආසන්න දිනයක විදුහලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරවාරයේදී මෙම විදුහලේ පාසල් සිසුවිය හා වෙනත් පාසලකින් ක්‍රීඩා උත්සවයට පැමිණි (15) පැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගොඩනැගිලි අතර සැඟවුණු ස්ථානයකදී සිසුවියට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට ළමාරක්ෂණ අධිකාරිය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අම්බලන්තොට පොලිසියට දැනුම් දීමෙන් පසු මෙම සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd