
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටිය)
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් තලංගම පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09 ක් වටලා එහි සිටි කළමනාකරුවන් 09 දෙනකු සහ ගණිකා වෘත්තිය යෙදුණු කාන්තාවන් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
දිවයිනේ වැඩිම ගණිකා නිවාස පිහිටා තිබෙන තලංගම පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව මහජනතාවගේ නිරන්තරයෙන් ලද පැමිණිලි මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ආවේෂණෂණ නිලධාරීන් යොදවා තොරතුරු ලබා ගැනීමෙන් පසු කඩුවෙල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් කෙටි වේලාවක් සඳහා රුපියල් 6000/= ක මුදලක් හා රාත්‍රියක් සඳහා රුපියල් 25000/= සිට 40000/= අධික මුදලකට සේවාව සපයා ඇති බවටද විමර්ශන වලදී අනාවරණයවිඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 19 - 43 අතර පසුවන රත්නපුර, කොළඹ, හංවැල්ල, අම්බලංගොඩ, ගාල්ල, පස්සර, රොසෙල්ල ,පොළොන්නරුව, බෙලිඅත්ත, බණ්ඩාරවෙල, තන මල්විල, ඇතිලි වැව, ත්‍රිකුණාමලය, බූස්ස ,ගලපිටමඩ, හා කොස්ගම පදිංචිකාරියන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තනිකඩ මිනිස්සුන්ගේ අසහනය අඩු නැති කරන්නේ කොහොමද යකෝ?