
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියූ විට එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ යැයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් දැනුම් දී ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
"මෙහෙම කියන්නෙ කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක්. ඉතින් ඒ තැනට මොවුන්ගේ මානසිකත්වය පත්වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය සභාවේ නැත්නම් ආයතනයක වගකීම රෝගීන් වැඩි වෙන තුරු ඉඳලා දුම් ගහන එකද? නැත්නම් රෝගය හඳුනා ගත්ත අවස්ථාවේම ඒ ප්‍රදේශයේ දරුවෝ ටික ආරක්ෂා කර ගන්න එකද? මම හිතන්නේ ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහයට ගනින්න පුළුවන් අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා!
ඔය සුදු රෙද්ද ඇතුලෙ කොයිතරම් ඇත්ද ඩෙන්ගු මදුරුවන්ගේ කීට. කෑලෑවේ ඉන්න අය කොළඹට ඇවිත්නේ රෙදි සෝදන්නේ... සේරම විෂබීජ කොළඹ ටවුන් එකේ..
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, කපටි, කයිරාටිකකම්, ජඩකම්, මැරකම්, වලින් දූෂිත පව්ල් පාලනේ අය පිරිලා ඉතිරිලා ගිහින්. සාටකයෝ, දූෂිතයෝ, ආර්ථික ඝාතකයෝ පට්ට හොරු මිනීමරුවෝ. ඩෙන්ගු මදුරුවන් ගැන කියවනවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු ගැන කවර කතාද?
අයිසෙ! ඔය මැද මූලන පැත්තෙ ඉන්නවනෙ ඔයැයිට ඡන්දෙ දුන්න කොල්ලො සෙට් එකක්, උන්ගෙ අතට ඇරන් දෙන්න ැර දුමාරෙ ගහන ගැජට් ටිකක්. හැබැයි රටේ සල්ලි වලින් නෙවෙයි, තමුසෙල හොරකන් කරපු සල්ලි වලින්. කියන්න වැඩේ ඔහෙලගෙ පැත්තෙන්ම පටන් ගන්න කියන්න. ඔය වඳුරු කුණුහරපු නවත්තල අන්න ඒ වගෙ වැඩක් පටන් ගන්න. එතකොට තමුසෙ දිහා මිනිස්සු හැරිල බලයි.