
(රංජිත් රාජපක්ෂ)
දෙපිරිසක් ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ පොලිස් නිළධාරින් පිරිකට පහර දීම හේතුවෙන් පොලිසියේ හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක (17) දින විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර, එහිදි එම විවාහ උත්සවයට පැමිණ බීමත්ව සිටි දෙපිරිසක් අතර පස්වරු 4:00ට පමණ ගැටුමක් අති වී ඇත.
එම ගැටුම සමතයකට පත් කිරිමට ගිය පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් දෙදෙනාට එම දෙපිරිසම එකතු වී පහර දී තුවාල සිදු කර ඇත.
එම පොලිස් නිළධාරින් බේරා ගැනීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරින් පිරිසක් පැමිණ ඇති අතර, එම නිළධාරින්ටද පහර දී ඇති බවත්, එහිදි පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දිඹුල පතන පොලිසියේ නිළධාරින්ට පහර දෙන බව දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් එම පහර දීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නෙක් යවනවද?