
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පිළිබඳව පරස්පර විරෝධි කතා කියමින් ඒ මැතිවරණයෙන් පලා යෑමට ආණ්ඩුව උත්සහ කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
මැතිවරණ වලට වෙන්කළ මුදල් වෙනත් දේවල්වලට වැය කළ නොහැකි බවද ඔහු කීවේය.
‘‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාවෙන් මුලික කාරණා දෙකක් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සහ ආනයනය පිළිබඳව තිබෙන මුල්‍ය හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම කාරණා දෙක සම්බන්ධයෙන් තිබෙන ගැටලු විසදා ගැනීමට ආණ්ඩුවට උපායමාර්ගික වැඩපිළිවෙළක් තිබෙනවාදැයි යන ප්‍රශ්න මතුවෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාව තුළ තබා ගත යුතු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8.6 ක් විය යුතුයි. නමුත් මේ ඩොලර් මිලියන 6.8 ක සංචිත ප්‍රමාණයක් තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව විදේශ විනිමය විශාල ලෙස අඩුවී තිබෙන බව පැහැදිලි වෙනවා. ඒ වගේම 2028 ණය ගෙවීම ආරම්භ කරන විට මුල්‍ය අරමුදලේ සැලසුම් සහ ඉලක්ක වලට අනුව තබා ගත යුතු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 14 ක් වෙනවා. නමුත් මේ වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1.8 කින් බිඳ වැටී තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන ණය තිරසරභාවය ආරක්ෂා කර ගැනීම සහ ආනයනය වෙනුවෙන් විදේශ විනිමය ශක්තිමත් කර ගැනීම සිදුනොවන අවස්ථාවක රටට සිදුවන දේ පිළබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතභාවයක් නිර්මාණය වි තිබෙනවා. ඒ වගේම මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට බාහිරව කටයුතු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකිදැයි කියන ප්රශ්නය මතුවෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදි බණ කියන්න කළින් නුඹලා රට බංකොළොත් කළා මතකද?
අනේද කියන්නේ, මම ආවොත් ඉතින් දිනනවාම තමයි...
3% ගන්න එජාප සජබ දෙකම එකට ආවත් බෑ නේද?