(සුමිත් පොතුපිටිය)

කොටි ඩයස් පෝරවෙන් සල්ලි දුන් බවත් මේ ආණ්ඩුව ඒවා දේශපාලනය කරන්න වියදම් කළ බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පැවසීය .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඇගයීමේ වැඩසටහනකදී. මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

මේ සැරෙත් යූ. කේ. වලට ගිහින් ඩයස් පෝරාව හම්බ වෙන්න හැදුවා. ගහල එලවන්න හැදුවෙ. කොටි ඩයස් පෝරාව කියන්නේ අපේ පිටිපස්සේ ඉන්න අපේ නෑයෝ. එයාල සල්ලි දුන්නේ සලේලව අල්ලල දාන්න නොවේ.    ආයේ ශත පහක් දෙන්නෙ නෑ.

මම මගේ අයට ආදරෙයි. ආගමට ආදරෙයි. තමන්ගේ අයට ආදරේ නැති අය කොහොමද රට හදන්නේ.

දෙමළ අයගේ සහ සිංහල අයගේ ප්‍රශ්න විසදගන්න ඕන මමයි නාමලුයි.

2029 දී නාමල් රාජපක්ෂ ජනාධිපති. එතකොට මම එයා එක්ක මේක ඉවර කරගන්නම්. අපි ආණ්ඩු කරගන්නම් සිංහළ කතාකරන්න දන්නැති දෙමළ මිනිහටයි කිසි දෙයක් දන්නෙ නැති සිංහල මිනිහටයි ප්‍රශ්න තියෙන්න බෑ.