ධනුෂ්කගේ නඩුවට අදාල වීඩියෝ බලන් නීතිඥයන්ට අවසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය. 16 November 2022
කෝටි 300ක මුදල් ආයෝජනය කළ තවත් දෙකක් රිමාන්ඩ් ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ආයෝජන අවස්ථා සදහා යැයි පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම ආයතනයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගිණුම් ලිපිකාරිනියක ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 November 2022
කුඹුරට වැටි සිසුවෙක් මරුට කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය කියයි . 16 November 2022
රිලවුන්ට තැබූ වෙඩිල්ලෙන් දියණිය රෝහලට ගෙවත්තට ආ රිලව් රංචුවක් එළවීමට වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් ඔහුගේ 17 හැවිරිදි දියණියට වැදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙනිය පොලිසිය කීය. 16 November 2022
සභාපති හිමිගේ සෙරෙප්පු පහරින් උප සභාපති රෝහලේ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි. 16 November 2022
පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි. 16 November 2022
ගම්පහ දැරියක ඝාතනයේ සැකකරුගේ මවත් පියාත් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක් අඹුකමට තබාගෙන සිටියදී ඇය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුකමට තබාගෙන සිටි බව කියන පුද්ගලයාගේ මව සහ පියා අද (16) අත් අඩංගුවට ගනු ලැබූ බව බෙම්මුල්ල පොලීසිය සදහන් කරයි. 16 November 2022
අයවැය ගැන ශ්‍රීලනිප මතය ශාන් කියයි දුප්පත් මිනිස්සුන් පිළිබඳ අබමල් රේණුවකවත් සැලකිල්ලක් අයවැයේ නැතැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
සතොස තවදුරටත් මිල අඩු කරයි ලංකා සතොස අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. 16 November 2022
හිරුණිකාගේ නඩුවකට දින දෙයි තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වු බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 30 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (16) තීරණය කළේය. 16 November 2022
ඉදිකිරීම්වලට ලබන වසරේ හොඳ වෙයි මේ වන විට කඩා වැටී ඇති ඉදිකිරීම් කේෂත්රය ලබන වසරේදි ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් වූ පසු යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 16 November 2022
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන්න සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 November 2022
තිළිණි ඇතුළු පිරිස යළි රිමාන්ඩ් මහා පරිමාණ මුදල් වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළීණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක වූ ජානකි සිරීවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගෙ කළේය. 16 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 12 ක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය. 16 November 2022
මන්නාරම රදගුරු ජනපති හමු වෙයි ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු තුමා ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. 16 November 2022
’’අයවැයට අපේ සහාය නෑ’’ දේශපාලන අතකොළුවලට හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා තෙක් අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම් දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි. 16 November 2022
පාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළට පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. 16 November 2022
පාර්ලිමේන්තුවේ කමිටුවකට අලුත් සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට සහ ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (16) දැනුම් දුන්නේය. 16 November 2022
වැඩ බැරි ඇමතිවරු ඉවත් කරන්න වැඩ කරන්න බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් පාඨලී හෙළිකරයි තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. 16 November 2022
නාසා රොකට්ටුව සඳ බලා යයි ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ’ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය. 16 November 2022
මාස තුනට ලංවීමට කෝටි 4431ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ. 16 November 2022
කැලෑ විනාශයක් ගැන පියදර්ශනගෙන් හෙළිදරව්වක් කැලෑ ඉඩම් හෙක්ටෙයාර් 25,000 පසුගිය කාලයේදී හෙළිකර ඇති බවත් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවශේෂ කැලෑ දිසාපතිවරුන් යටතට පත් කිරීම හේතුවෙන් ගොවින් නොවන විශාල පිරිසක් ඒ කැලෑ ඉඩම් අත්පත් කරගත් බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
පාරවල් හදනවද? බඩගින්නට කන්න දෙනවාද? මහා මාර්ග සහ අනෙක් දේවල් සඳහා ප්‍රමුඛතාව දෙනවාද? බඩගින්නේ ඉන්න දරුවන්ට කන්න දෙනවාද? කියා ආණ්ඩුව වහා තීරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
එංගලන්තයේ සහ ලංකාවේ ගංජා මිල ගුණතිලක සසඳයි වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
පූන්තෝට්ටම් කඳවුරෙන් පහක් පනිති වවුනියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි රැදවියන් පස් දෙනකු කඳවුරෙන් පැනගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 16 November 2022
ඉන්දීය සරසවි උපාධියට අයැදුම්පත් කැඳැවේ ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 16 November 2022
ටයි ගැට ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛන වලට මුවා වී තමා ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා රාජ්‍ය නිලධාරීන් හමුවේ පැවසීය. 16 November 2022
සුමාත්‍රා දූපත්හි භූ කම්පාවක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 16 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025