(ආරියරත්න රණබාහු )

ගැටළු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ වෙනුවෙන් වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා හෙට(13) බ්‍රහස්පතින්දා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.