(මහින්ද නිශ්ශංක)
දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින මෙම ආරක්ෂක නිලධාරී පුරප්පාඩු පිරවීමට මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයක් හරස් වී ඇති බවත් දැනගන්නට තිබේ.
රාජකාරි කටයුතුවල අවශ්‍යතාවය අනුව 719 දෙනෙකු පමණ සිටිය යුතු දුම්රිය ආරක්ෂක හමුදාවේ දැනට සිටින්නේ ආරක්ෂක නිලධාරීන්. 402 ක් පමණ බවත් මේ වසරේ ඉන් නිලධාරීන් 34 දෙනකු ද ලබන වසරේ නිලධාරීන් 47 දෙනකු ද විශ්‍රාම යාමට නියමිත බව දැන ගැනීමට තිබේ.
දැනට වසර දෙකකට පමණ පෙර දුම්රිය ආරක්ෂක අංශයට නිලධාරීන් බදවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වූ 178 දෙනකු සම්මුඛ පරීක්ෂණයක් මගින් ද තෝරා ගෙන ඔවුන් ට පත්වීම් ලිපි පවා නිකුත් කර ඇති බවත් එහෙත් ඔවුන් මෙතෙක් දුම්රිය ආරක්ෂක හමුදාවට බදවා ගෙන නැතැයි ද වාර්තා වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි
de silva Tuesday, 11 July 2023 09:57 PM
අනෙක් රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථාවල නිකරුණේ කාලය ගෙවන නිලධාරියෝ පුහුණුකර මේ වැඩේට දාන්න බැරිද?
Priyantha Wednesday, 12 July 2023 06:30 AM
මේ 300 බඳවා ගත්තාම දුම්රිය ලාබ ලබයිද?. මිනිස්සුන්ට තවත් බර නොදී මේක දැන්වත් විකුණලා දාන්න...