(අංජුල මහික වීරරත්න)
නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ දී පැවසීය. ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී ජනාධිපතිවරයා රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකි බව සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාව පමණක් නොව ආයෝජකයින් පවා අද නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට චෝදනා කරමින් සිට මෙම ගැටලුව විසඳීමට හැකියාවක් නැති බවද නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බවද සඳහන් කළේය.
රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.
පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුලත් වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි.
මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද නීතිය මතක් වුණේ...? බොරු සෙවල හැම පාලකයාම. ඔවුන්ට ඕනෑ විදියට. රට පාලනය කරන්නේ නීතිය අතට අරන්. උසාවි නියෝග නැහැ. මහා එකාගේ නීතිය තමයි. රජ කරන්නේ... ඔවුන්ට ඉහළින් ගියොත් ගෙදර... කී දෙනෙක්ට එහෙම වුණාද? මයිනා, රටත් හොරාකාලා නීතියත් බල්ලට දමලා ගියේ... රට ගොඩගන්න නම් නීතිය රජ කරලා. රනීල් ඇතුළු ගොබ්බ නඩේ... හැම කෙනාම අත්අඩංගුවට ගන්න ඕනෑ...
මුලින්ම කියන්න ඔබතුමා දන්නවාද රටක ජනාධිපති කියන්නේ කවුද කියලා? ඔහු මොනවා කළයුතුද නොකළ යුතුද කියලා? ඒ අතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශිෂ්ටයි. BBC වැනි බටහිර පවා ඔහුව හඳුන්වන්නේ "ශක්තිමත් මිනිසා" කියලා...
මොකුත් ඕනෑ නැහැ. තමුන්නැහේ අර්ජුන් ඇලෝසියස්වයි, RK වයි අල්ලලා, නඩු දාලා, හිරේ දාන්න. මුළු රටම ඡන්දෙ දෙයි ඊළඟ පාර... ඒත් ඒක හීනයක් විතරයි. මොකද ඔබතුමාමයි ඒක නොදැක්කා වගේ හිටියේ...!
ඔයාට කොහොමත් බෑ. ඕක පුළුවන් කෙනෙක්ට දෙන්න... අවුරුද්දෙන් ඕවා විසඳන්න පුළුවන්...
නීතියේ ප්‍රමාදය යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයයි. ගොඩනැගිලි හැදුවාට එය ඉටුවන්නේ නැහැ... මේ රටේ යුක්තිය ඉටුකළ යුතු තැන්වල මීට පෙරත් ඔහෝම ගොඩනැගිලි හදලා සුන්දර කතා කිව්වා. ජනතාවට වුණු සෙතක් නැහැ. මේක කියලා විශේෂයක් නැහැ. එම සෙතමයි වෙන්නේ... මේ අසුබවාදී බැලීමක් නොව යථාර්තයයි.
අවුලක් නැහැ... අපි දැන් අපේ ප්‍රශ්න අපේ ක්‍රමවේදයන්ට අනුව විසඳාගන්නවා.
ඔබ පාර්ලිමේන්තු ගියෙ අපෙ චන්දෙන් නොවෙයිනෙ. එම නිසා චන්ද කල් දමමින් අපේ ජනමතය විකුති කරමින් එකාදිපතියෙකු ලෙස කටයුතු කරන ඔබ ගෙන් රටේ ප්‍රජතන්ත්‍රවාදය සහ නිති පද්දතිය කාර්ම කිරිමත් ,ශක්තිමත් කිරිමක් ගැන බලපොරොත්තු තබන්න , ඉදිරි මතිවරන වලදි හොදට හිතා බලා මෙව කරන කෙනෙකුට චන්දෙ දෙන්න බලපොරොත්තු වෙනව
පින් ජනපතියා රටේ නිතීය ගැන කතා කරන්නේ යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු කැළෑ නීතිය රජකරවපු අදිකරණය පවා දේසපාලණීකරණය කරපු දූෂිත පවුල් පාලනේ උන්වත් රැකගෙන වෙන්ඩැ.