(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් පෙරේදා11 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක රාජකාරි කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් වරයෙකි.
තුර්කි කාන්තාව ඇයට සිදු වූ බව කියන ක්‍රියාව ගැන මගීන්ට දැනුම් දීමෙන් පසු මගින් විසින් සැකකරු අල්ලා දඹුල්ල මූලස්ථාන පොලිසියට බාර දී ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදා කෝප්‍රල්වරයකු බවට හෙලි වී ඇත.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තුර්කි කතට කැත වැඩක් කළ යුද සෙබළා අල්ලයි
ලුම්බිණි Wednesday, 12 July 2023 09:56 AM
අයියෝ...!!!
Bunny Preena Wednesday, 12 July 2023 10:49 AM
ලංකාවේ විතරක් නොවෙයි හමුදාවෙත් ප්‍රතිරූපයට හානි වෙනවා මෙවැනි ක්‍රියාවන් නිසා .රටට වින කරන්න බලාගෙන ඉන්න උන්ට මේක ලොකු කටගැස්මක් වෙයි තලු මර මර කියන්න