
(යොහාන් භාසුර)
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දීපු මෝඩයින්ට ඔහොම වෙලා මදී.. ලැජ්ජා නැතුව තවමත් කඩේ යන අය ඉන්නවනේ.. පව් ඉතින්.. ගොන්නුනේ... තේරෙන්නේ නැහැ ඔවුන්ට...!
එහෙනම් ඉස්සරහට ජංගම තොරන් බලන්න පුළුවන් වෙයි...
දැන් මොන මහජනතාවද ඉල්ලුවේ මේවා අලංකරණය කරන්න ඕනෑ කියලා? අර පොලිසියේ මහත්තුරු ප්‍රයිවට් බස් වලයි, ත්‍රීවිල් වලයි අනවශ්‍ය ඒවා ගැලෙව්වේ මහජනයාට හිරිහැරයක්, අනාරක්ෂිතයි කියලා.. දැන් ඒවාට සල්ලි ගෙවල හයි කළාම මිනිස්සුන්ගේ ආරක්ෂාව තියනවාද? මේවගේ තීරණ ගන්න මෝඩයින් කවුද අප්පා...?
ආණ්ඩුවට සල්ලි ලැබෙනවා නම් ඕනම කුණුහරපයක් ලියාගෙන යන්න පුළුවන්.
කාඩ් නැති නිසා රියදුරු බලපත්‍ර නිකුත් කරගන්න බෑ. ඒ මදිවට තව එකඑක මෝඩ වැඩනම් ඔළුවට එනවා. ඔබතුමාට රත්නපුර අං දෙකක් සවි කරපු හෙල්මට් එකක් දාගෙන රාජකාරියට ආවාම හරි... දුරතියාම අඳුනගන්න.
මේ ප්‍රවෘත්තිය කවුරුහරි කරපු විහිළුවක්ද කොහේද?
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පරම්පරාවේ අය ඉන්න රටනේ...