(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනෙකු වෑන් රථයක ගැටී විරුද්ධ මන් තීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අසලට විසිවී සිදු වූ අනතුරින් තරුණියක් මියගොස් තවත් තරුණියක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
අනතුර සිදු කළ වෑන් රථය සිද්ධියෙන් පසුව පලාගොස් ඇති අතර රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු කිලෝමීටරයක් පමණ දුරට වෑන් රථය පසුපස හඹාගොස් එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ පදිංචි සූරිය ආරච්චිගේ සුජීවා සමන්ති (30) අවිවාහක තරුණියක බව පැවසේ .
මෙම තරුණිය ගලවිල වත්ත ප්‍රදේශයේ මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන අතර රාත්‍රී සේවා මුරයක නිරතව සිටියදී තවත් මිතුරියක සමඟ එදින රාත්‍රී ආහාර මිළදී ගැනීමට සේවා ස්ථානය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවක් වෙත ගොස් තිබේ.
ඒ සදහා හයිලෙවල් මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී මාර්ගයේ ධාවනය වූ වාහනයක් පසුකර යන තෙක් තරුණියන් දෙදෙනා මාර්ගය මැද පිහිටි සුදු ඉරි දෙක මත රැඳී සිටියදී හෝමාගම කර්මාන්ත පුරයේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක ගැටී තරුණියන් දෙදෙනා විසිවී විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී එක් තරුණියක මියගොස් ඇති අතර අනෙක් තරුණිය දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
නේවාසික ප්‍රතිකාර ලබන තරුණියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් එළවන අයටත් වඩා භයානක අය තමයි ගාමන්ට් බස් එලවන්නේ...අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම වගකීමක් නැහැ.
පදිකයන් සඳහා වෙන් වූ මං තීරුව පිළිබඳ සියයට 99ක් රියැදුරන්ගේ සැලකිල්ලක් නැහැ. බයිසිකල් කාරයෝ, ත්‍රීවිල් කාරයෝ, ලොකු පොඩි කාර් එලවන හාදයෝ, බස් කාරයෝ කොයි එකත් එකයි. හැබැයි මේ කව්රු කවුරුත් කතා කරන්නේ නම් "සිස්ටම් චේන්ජ්" කරන්න.
අවුරුදු 22 ක් මම කොළඹ වාහනයක් පදවනවා මිනිස්සු හරිම අපරික්ශාකාරී විදිහට තමයි පාර් මාරුවෙන්නෙ. පදික මාරු ලයිට් රතු ලයිට් දැල්වෙද්දී ඔවුන් කිසිම ගානක් නැතුව පාර මාරුවෙනවා. රාත්‍රි කාලයෙදිත් ඉතාමත් නොසැලකිලිමත් ලෙස හැමතැනින්ම පාර පනිනවා . කහ ඉර පෙනි පෙනී දරුවන් අතින් අල්ලා ගෙන අම්මලා පාර පනින්නෙ. දකුණු පසින් ගමන් කරන්නේ නැහැ . අනතුරක් සිදු උනාම වාහන ගිනි තියනවා . මෙවැනි දේවල් නැවැත්වීමට පියවරක් ගන්නේ නම් ගොඩාක් වටිනවා .
රිය අනතුරකින් කවුරුන් හො මිය ගියානම් රියදුරු බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කොට ඔහුට/එයට මින්මතුවට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීඑමට නොහැකි වන පරිදි නීතිය සංශෝදනය කල යුතුයි. ණොසැලකිලිමත් රිය දාවනය නිසා අනතුරු අඩු කරගැනීමට මෙම නීතිය මහත් රුකුලක් වනු අත.
අත උස්සලා කහ, සුදු ඉර උඩින් පදිකයින් මාරුවෙනකොටත් නළාව මහ හඬින් ශබ්ද කරමින්, පහන් පත්තු කරමින් වේගය තවත් වැඩිකරගෙන, වාහනය නොනවත්වා වෙට්ටු දමමින් යන එන මාරක අවිනීත රියදුරන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. අඩුම තරමින් මාස 06කටවත් බලපත්‍රය අත්හිටුවා ලොකු දඩ මුදලක් අයකළ යුතුයි.