IMG-LOGO

මහ කන්නයේ පොහොර සල්ලි ගිණුමට

(අංජුල මහික වීරරත්න)

2023/24 එළැඹෙන  මහ කන්නයේ දී  පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට  වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙම යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් බෙදා දීමට පියවර ගත්තේය.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කිරීමට පියවර ගත්තේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12කි. මින් ගොවීන් 5,34, 433කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .

යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය හත් ලක්ෂ දාහත්දහසකි. ඉන් පන් ලක්ෂ තිස්හතර දහස් හාරසිය තිස්තුනකට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙන බව අමාත්‍යාංශය කියයි.

මෙම සමස්ත වවුචර් ප්‍රමාණ‌යේ වටිනාකම රුපියල් බිලියන 11කි.

වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් නොදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

ඒ වෙනුවට ලබන මහ කන්නයේ දී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (1)

මහ කන්නයේ පොහොර සල්ලි ගිණුමට

Chamidu harshana Saturday, 24 August 2024 11:37 PM

සල්ලි දාන්නේ කවද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site