(උපාලි ආනන්ද)
විද්‍යා විෂයය උගන්වමින් සිටින අතරතුර 12 හැවිරිදි පාසල් සිසුවියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් එම සිසුවියට ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි දැනට සක‍්‍රිය රාජකාරියේ නිතර විදුහල්පතිවරෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම එය වසර පහකට අත්හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
ඊට අමතරව පැමිණිළිකාර වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විත්තිකාර විදුහල්පතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙසේ දඩුවම් නියම වූයේ ගාමිණි සෝමරත්න නැමැත්තෙකුටය.
2016 වසරේ අගෝස්තු මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක වයස අවුරුදු 12 ක පමණ දැරියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් ලිංගිත අතවරයක් සිදු කරමින් මෙම අපරාධමය වරද සිදු කර ඇති බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකාර විදුහල්පතිවරයාට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවි නඩු පවරා තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2016 වසර කාලයේ එතුමාගේ නෝනා ලැම පෙදෙස අතගාන්න දෙන්නේ නැතුව තහනම් කලාපයක් හැටියට ප්‍රකාශ කරලා තියෙන්න ඇති
අවුරුදු 7ක් ගියාද තීන්දුව දෙන්න...? ඒ අතර කාලෙදි තව කී දෙනෙක්ට අතවර වෙන්න පුළුවන්ද?
යකෝ, අපි අල්ලපුවා හැටියට බර ගාණක් ගෙවන්න වෙනවා නඩු දැම්මොත්...