( තිලකරත්න දිසානායක)
පැමිණිල්ලක් කිරීමට ගම්පහ පොලීසියට ගිය තමාට පොලිසිය පහරදුන් බව කියමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සමිත දිසානායක මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටීයි.
පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම පිනිස තමා පොලිස්ථානයට ගිය බවත් පැමිණිල්ල ලියා ගැනීමට වැඩි වේලාවක් ගතවීම මත ඒ පිළිබඳව දෙවරක් විමසා පසුව තමන් පොලිස්ථානයේ ඉහළ නිලධාරියකු හට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව පැමිණිල්ල සටහන් කර ගැනීමට කතා කළ බවත් පැවසීය.
එම අවස්ථාවේ කතාබහක් ඇතිවී පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තමාට පහරදුන් ඔවු පවසයි. පහරදීම හේතුවෙන් ඇතිවූ අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වූ බවත් දිසානායක මහතා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ , මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැමිණිල්ල කරන්න ගිය පුංචි මන්ත්‍රීට ගහලා
ravin Tuesday, 11 July 2023 09:56 PM
මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් දේශපාලකයෝ හිතේ තියාගෙන ඉන්නේ ඔවුන්ට මෙරට පුරවැසියන්ට වඩා සැලකිලි දැක්විය යුතුය කියලා...
මුහන්දිරම් Wednesday, 12 July 2023 05:52 PM
රවින්ගේ අදහස ඉතාමත් නිවැරැදියි කියලා මහ නගර සභාවක කටයුතු කළ කෙනෙක් හැටියට කියන්න පුළුවන්... ඇත්තටම සමහරක් එවැනි දේශපාලුවන් එම ආයතනයේ කම්කරු තනතුරක් දැරීමට තරමින් අධ්‍යාපන සුදුසුකම් නැතත් ඡන්ද දාහකට ආසන්න ගණනක් ලබා ගන්නා තනතුර ආචාර්ය මහාචාර්ය තනතුරු ඉක්මවා යනවා කියලා තමයි හිතන්නේ... එහෙම හිතීමත් වරදක් නොවන්නේ සමහර පනත් අනුව නිලනොලත් මහේස්ත්‍රාත් තනතුර නිලයට ලැබෙන නීති තිබෙන නිසා තමයි... ඒ අතර සමහර චක්‍රලේඛ දේශපාලුවන් මුරුංගා අත්තේ තබා තිබීම තවත් හේතුවක් වෙනවා. මෙතෙක් කලක් රට හදන්න බැරුව ගියේ එවැනි පිරිසක් ඉහළට එසවීම නිසා තමයි... එනිසා අවම වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාට පමණක් එලෙස කටයුතු කිරීම ප්‍රමාණවත් කළොත් හොඳයි...
Deshabandu Wednesday, 12 July 2023 10:55 AM
මෙම කරුණා සත්‍ය නම් පොලිසියේ මෙවැනි හැසිරීම් අනුමත කල නොහැකිය