IMG-LOGO

ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දින ගනී

(එච්. චන්දන)

2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.

මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ මහතා විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය.

නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ගයාන් මහතා ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසු තාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබේ.

එයට සාර්ථක පිළිතුරු සෙවු ඒ මහතා නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම් ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.

ගයාන් වික්‍රමසිංහ මහතාගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.

 



අදහස් (8)

ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දින ගනී

සුජිත් පල්ලේවත්ත Wednesday, 12 July 2023 09:47 AM

ආඩම්බරයි... සුබ පැතුම්... ඒකට ලංකාවේ ඉන්න ගොවියෝ.. යූරියා පොහොර නැතුවම බැහැ කිව්වා.

:       4       31

Hemantha Wednesday, 12 July 2023 10:08 AM

හොඳ වැඩක්. සතුටුයි. ඒත් මේ බටු ගස් දෙක විතරද තියෙන්නේ.., අපිටත් බලන්න, එළවලු වගාවේ පින්තූර ටික දාන්න.

:       12       19

KumariThursday, 13 July 2023 04:00 AM

ඇයි මෙච්චර කුහක...? මෙතන ගස් 2 ද තියෙන්නේ? මනුස්සයෙක් ලස්සන යමක් කළාම ඇදමනේ දකින්නේ...!

:       0       0

Bunny Preena Wednesday, 12 July 2023 10:43 AM

සුභ පැතුම් .හිත ඇත්නම් පත කුඩාද කිවුවලු

:       0       28

sam Wednesday, 12 July 2023 12:53 PM

ලංකාවේ මේ වගේ දෙයක් කළා නම් අනිවාර්යයෙන්ම ලොක්කෝ කොමිස් ඉල්ලනවා. ඒකනේ ලංකාව තවමත් එකම තැන පල්වෙන්නේ.. ගඳ ගගහ තියෙන්නේ..ප්‍රධානම හේතුව තමයි වැරැදි දේශපාලකයෝ පාර්ලිමේන්තු යවපු එක...

:       0       19

පැරකුම්Thursday, 13 July 2023 02:14 AM

ඉතින් වැරැද්ද අපේ නේද?

:       0       0

Nihal Wednesday, 12 July 2023 05:29 PM

ආසියා ජාතිකයින්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙන නිසා කරවිල වැඩිපුර වගාකරන්න...

:       2       8

Chitra wickramaratna Thursday, 13 July 2023 04:30 AM

හොඳ වැඩක්... ඉදිරියටම යමු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site