(ඉන්දිකා  රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය කියයි.

සොරාගත් භාණ්ඩ අතර. රන් බඩු,  මුදල් සහ මොටර් රථ බැටරියක්  වන බව  ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.

නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට   ඒ මහතා ඊයේ  (11)   පොලිසියට මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නොමැත

මහනුවර  පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වයි.