සිසුවා කොත්මලා ඔයට බිලි කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 26 February 2024
බලපත් නැති ඖෂධ හලට මුද්‍රා පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සියබාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල ගැන්විමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසිය. 26 February 2024
වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ. 26 February 2024
නීතිපති අද ව්‍යවස්ථා සභාවට නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය. 26 February 2024
රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි. 26 February 2024
රිය අනතුරින් බිරිය මරුට- සැමියා දරු දෙදෙනා රෝහලේ තංගල්ල ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් තලල්ල ප්‍රදේශයේදී තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන් කළ මව මියගොස් පියා දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතල තුවාල ලබා තලල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි. 26 February 2024
වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි ඇල්පිටිය දිවිතුරුගමදී අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 26 February 2024
අව්වයි - වැස්සයි තේ වතු වනසයි මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාවත් මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණයත් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියෝ පවසති. 26 February 2024
සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත. 25 February 2024
ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක් මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 25 February 2024
සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ 25 February 2024
කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක් මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු ජූජකවරුන්ට අපහාස කළේ යැයි විරෝධය දක්වමින් මීගමුව පිටිපන මීසම් හතරක ජනතාව අද (25) පෙරවරුවේ විරෝධය දැක්වූහ. 25 February 2024
රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපයකට යොමු කරනු ලැබ සිටිති. 25 February 2024
කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අපයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනයේ දී සැකකාර ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය. 25 February 2024
ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන් ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය නොතියා සිටීමට ඉන්න බියවනු ඇති විය හැකි යැයි ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද සවස ගම්පහ දී පැවසීය. 25 February 2024
මෝදි මූදු පතුලේ පූජාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය. 25 February 2024
මව මැරුණු සොවට පුතා හද පැලී මරුට මව මියගිය යාමේ දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ. 25 February 2024
‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම සහ ශ්‍රී ලාංකිකයන් මෙරට සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 25 February 2024
ලක්ෂ 50 ක මත්පෙති සමඟ අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් පිල් වර්ගයේ මත්පෙති 2180 සමග සැකකරුවෙකු අද ( 25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශය පවසයි. 25 February 2024
රනිල් නිර්පාක්ෂික වේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 25 February 2024
වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව” පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. 25 February 2024
ජම්පටාවීදියේ වෙඩිතැබීමක් ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 25 February 2024
මුහුදේ ක්‍රීඩා කරමින් සිටි රුසියන් ජාතිකයා ගීලී මරුට වැලිගම පැළෑණ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි රුසියන් ජාතිකයකු (37) මුහුදේ ගිලී මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 25 February 2024
පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පොලිසිය කියයි 25 February 2024
ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගේ යටත්විජිතයක් වෙලා ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (25) පැවසීය. 25 February 2024
ගාසා තීරයේ ආහාර හිඟයක් ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ගසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිවීම හේතුවෙන් එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බවත් පලස්තීන මාධ්‍ය වාර්තා කළේය. 25 February 2024
පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපිට විශ්‍රාමික යුද හමුදා ආබාධිත කෝප්රල් වරයෙකු අද( 25) අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. 25 February 2024
දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට අහිමි වන අතර එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ. 25 February 2024
උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මාර්තු 5 වැනිදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 25 February 2024
අපරාධකරුවන් අල්ලන්න තෝම්බුවක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක්( නාම ලේඛනයක්) සකස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 25 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026