
(අංජුල මහික වීරරත්න)
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ කාදිනල් තුමා මුණගැසී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන බව කී එජාප මහලේකම්වරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්නට හැදුවේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් තුමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතුව තිබෙන්නේ යැයිද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහ ලේකම්වරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හිටපු පොලිස් රාලහාමිට දැන් "රාහු" ගේ අපලය ලබලාලු. (මේ බව අප දැනගත්තේ ඔහුගේ ආසන්නම ඥාතියෙකුගෙන්) මේ කියවන්නේ විකාරෙන්ලු. මිනිහා දෙන අදහස් ක්‍රියාත්මක කිරීමෙන් පක්ෂය නැත්තටම නැතිවෙලා දියවෙලාම යනවලු...!
බය වෙන්න එපා... කාදිනල්තුමා නම් රැවටෙන්න නැහැ, දැන් ඔයාලාගේ ආණ්ඩුවෙන් ඊබ්‍රහිම් විරුද්ධව නඩු දාන්නේ කවද්ද කියලා කියන්න බලන්න.
ඇයි, වෙන මොනවා කරන්නද? ඔහෙලාගේ නායකතුමා රටේ ජනාධිපති වෙලා අපරාධකාරයින් ආරක්ෂා කරනවානේ?
කාදිනල්තුමා පෙනී සිටින්නේ පාස්කු ඉරුදින අමානුෂික විදියට ඝාතනය කරපු, අසරණ ජනතාව වෙනුවෙන්... වසර පහක් පුරාවටම එතුමා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
රංගේ රංගේ ස්කොට්යාඩ් එනකන් බලන් ඉන්නවා...
දැන් ජනාධිපතිට පුළුවන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් තියන්න ජවිපය සහ පාස්කු බෝම්බය ගැන. ඒක නොකර මොකද වටේ යන්නේ..?
රැවටිල්ල ගැන සැකයක් අවශ්‍ය නැත. දැන් මේ මොහොතේම විධිමත් පරීක්ෂණයක් නියෝග කල හැකිය.
පුත්තු වැරැදි කළා කියලා තාත්තා මොනවා කරන්නද?
පාස්කු ප්‍රහාරය එල්ල කරන වෙලාවේ ඔය ගොල්ලෝ ආණ්ඩුවේ. වළක්වා ගන්නත් බැරි වුණා. කළේ කවුද කියලා හොයාගන්නත් බැරි වුණා. ඔයාලා මොන දුර්වලයොද අනේ...?
තමුන්ලාට රැවටුණා හොඳටම ඇති...
අවුරුදු දහස් ගාණක් ඉස්සර මේ රටේ හිටපු වීර රජවරුන්ගේ නිර්මාණ තමයි... බොලා මහා ලොකුවට සුද්දන්ට පෙන්නන්නේ. ඔබතුමාලා කරපු මොකුත් නැද්ද සුද්දන්ට තියා මේ රටේ මිනිස්සුන්ටවත් පෙන්නන්න. ඔය දේවල් එදා හැදුවේ නැත්නම් ඔබතුමාට ඇමැතිකමත් නෑ. ඔය ඩොලර් මිලියන තිහෙන් කීයක් ඕකට ඇත්තටම වියදම් කරයිද? ආසියානු සංවර්ධන බැංකුවෙන් කප්පම් එහෙම ඉල්ලුවේ නෑ නේද ඇමතිතුමෝ...? ඉක්මනට කරගන්න දෙයක් ආයේ ගසාකෑම් බැරිවෙයි ඡන්දෙන් පස්සේ...
රත්තෝ කියන්නේ තවමත් කාගෙන් හරි යැපිලා කයිවාරු ගහන පිරිසක්... ජීවිතේට බුලත් විට කඩයක්වත් කරලා පළපුරුද්දක් නැහැ. සොබාදහම වැරැදි කරුවන්ට දඬුවම් දෙයි. ඒවාට දඬුවම් දෙන්න රට වලපල්ලට අරින්න පුළුවන්ද? අනික නඩු අහන්නේ ඒ ගොල්ලන්ද? ඔලුවේ තියාගෙන හිටපු ෆයිල් ටික ගගේ ගියාද?
ගෝඨාභය වගේද අනුරගේ කණ්ඩායම. මහචාර්යවරු... උගත්තු... එක හොරෙක් නැහැ.. එක නූගතෙක් නැහැ...
රංගෙ බයවෙලා...
අනේ යන්න...!
ඔව් ඉතින් ඔහේලා ඔක්කෝටම රැවටිලා දැන් ජවිපයටත් රැවටුණත් නැතිවෙන්න දෙයක් නැහැනේ...!
ඊට පෙර බලයේ ඉන්න මේ ආණ්ඩුවට ඇත්ත පෙන්නලා දෙන්න හොඳට ඉඩ තියෙනවා රංගේ... මාධ්‍ය ප්‍රකාශ අනවශ්‍යයි.
වෙන කරන්න දෙයක් නැහැ. තමුන්නැහැලා දැනටමත් රවට්ටලා ඉවරයි. මේවා කියන්න ලැජ්ජාවක් නැතිද? තමුන්නැහැලා වැරැදිකාරයෝ හොයා ගත්තාද?
රංගේ, කොන්ද පණ තියෙනවා නම් ඔය ටික සේරම කාදිනල් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා නම් හොඳයිනේ. නිකන් පාලු ගෙදර වළන් බිඳින්නේ නැතිව.
කවුද ප්‍රහාරය වෙලාවේ ආණ්ඩු කලේ?
1983 කඩ කඩලා ජනතාවට කොල්ල කන්න ඇරලා, මාරු වුණු ත්‍රස්ත ප්‍රහාරය (තර්ස්ත සැලැස්ම) මුළු ලංකාවම අපකීර්තියට පත්වුණා. පාරේ හිටපු මිනුස්සුත් ඝාතනය වුණා. ඒ වගේම අපිට ආයුධත් නැතිව මර්දනය කරන්න වුණු කුරීරු යුද සමයේ දකුණේ සිවිල් යුද්ධයක් පටන් ගත්තේ, අනුරාධපුරයෙන් එහාට බෙදුන්වාදීන්ටත්, දකුණ තර්ස්තවාදීන්ටත් අයිති කරගන්න නේද? දැන් ඒ කට්ටිය මහණ වෙලාද පොරොන්දු ගන්න.
රංගේ පරිස්සමින්.. දේශපාලන වාචාලකමට වඩා පාස්කු ප්‍රහාරය සංවේදී බව මතක තබා ගන්න...
ඊබ්‍රහිම් ඡන්දේ ඉල්ලුවේ 2015 දී. පාස්කු ප්‍රහාරය වුනේ 2019 දී. 2015 දී ඡන්දේ ඉල්ලපු කෙනෙක්ගේ පුතෙක් 2019 දී පාස්කු ප්‍රහාරයකට සම්බන්ධ වෙන බව දැනගන්න ජවිපෙට දිවැස් නැහැ.
බෝම්බ ගහද්දී අගමැති දැන් අටවන හරි ජනපති. තාම බැරි වුණා බෝම්බ ගැහුවේ කවුද කියලා හොයාගන්න. ජේප්පො වැරැදි නම් අත්අඩංගුවට අරන් දඬුවම් කරන්නකෝ...!
මෙයාලත් දැනගෙන රාජපක්ෂ අපරාධ කාරයින්ට බලය ගන්න නිසා කරවපු හෙණගහන්න ඕනෑ අපරාධයක්...
ඊබ්‍රාහිම්ට ජේපී කම් සම්මාන දීපු මහින්දගේ ගෝලයින්ගේ ඡන්ද වලින් පිං ජනාධිපති වෙලා ලොකු ටෝක් දානවා, ඕවා හොඳයි හම්පඩ යූ ඇන් පී කාරයින්ට, තමුන්ට ජවිපෙ එක්ක හැරෙන්නවත් බැහැ...
ආණ්ඩුවේ ඉන්න තමුන්නාන්සේලා අදාල ආයතන යොදවලා ඒ ගැන හොයන එක නේද හොඳම දේ...!
නිකන් වටේ යන්න දෙයක් නෑ. රනිල් කියන්නේ අවුරුදු 45ක් බලයේ ඉන්න... කයිවාරුවට දක්ෂ කෙනෙක්. මේ වගේ දුර්වලයෙක් යටතේ තව අවුරුදු 5ක් ගියත් පාස්කු ගැන හොයන්නෙත් නෑ. රටට වැඩක් වෙන්නෙත් නෑ. පක්ෂ, පාට නැතිව හිතුවොත් ඕක තමයි ඇත්ත.
රටේ කරුමේ තරම කියන්නේ, නමගිය හැලිඅරක්කු කාරයෝ තක්කඩි හොරු තමයි, සිල්වත් කාරුණික ආගමික නායකයින්ට සමච්චල් කරන්නේ...!
ඒ රැවටිල්ලටත් ඉඩ දෙන්න. රැවටිලාම ඇත්ත සොයා ගනීවි.