රබර් පනත සංශෝධනයට 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 February 2024
සැමියාගේ පොලු පහරින් බිරිය අවසන් ගමන් යයි නොරෝච්චෝල කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වි බිරිය අද(27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 27 February 2024
වෝටර්ස් එඩ්ජ් ඉඩමක් බද්දට බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 February 2024
ඉංජිනේරු සංස්ථාවේ හිටපු සේවකයෝ විරෝධයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයෙන් ස්වෙච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබූ සේවකයන්ගේ එකමුතු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ 2 පිහිටි එම සංස්ථා මූලස්ථානය ඉදිරිපිටදී අද (27) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 27 February 2024
ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැති ලැබී තිබේ. 27 February 2024
සෙබලාගේ මරණයට සෙබළුන් හතරක් සැකපිට හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක අභිරහස් ලෙස සෙබළුකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේම ක්‍රීඩා උපදේශකවරුන් ලෙස කටයුතු කරන සෙබලුන් සිව් දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. 27 February 2024
ව්‍යවසායකයින්ට පණ දෙන්න ණය යෝජනා ක්‍රමයක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 February 2024
දක්ෂිණ අධිවේගීයේ අනතුරකින් 2ක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේ 81 සැතපුම් කණුව අසලදී එම මාර්ගයේ සේවය කරමින් සිට කම්කරවන් දෙදෙනෙකු ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 27 February 2024
විදුලි සෝපානයට කකුල සිරවී තරුණයෙක් රෝහලේ හෝමාගම ගොඩගම සුප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවී එහි සේවකයකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලික රෝහල පවසයි. 27 February 2024
උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත 27 February 2024
රනිල් නැවත පුටුවට ගේන්න මිනිස්සු පෙළ ගැසෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 27 February 2024
විශ්වාසභංගයේ සහයට විමල්- උදය කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප්රමුඛ උත්තර ලංකා සභාගයද සහය දැක්වීමට තීරණය කර ඇත 27 February 2024
’’ගාසා ළමා අරමුදලට ’’ ලංකාවෙන් ආධාර ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට ’’ගාසා හි ළමා අරමුදල’’ නිර්මාණය කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. 27 February 2024
ගුවන් ගමන් හතක් අදත් අවලංගුයි කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය . 27 February 2024
පි.එච්.අයි.ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් හයක් කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි. 27 February 2024
වැල්ලවත්තේදී අහසට වෙඩි වැල්ලවත්ත මුහුදු මාවතේ හෝටලයක් ඉදිරියට පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් අද (27) අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි වැල්ලවත්ව පොලිසිය පවසයි 27 February 2024
විදේශ සංචාරයන් 10,000 ක් දිනකදී එති විදේශ සංචාරකයන් 10,014 ක් මෙරටට ඉකුත් (24) දිනයේ පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරිය පැවසීය. 27 February 2024
පරණ කෝන්තරය මරණයෙන් කෙළවර වෙයි පැරැණි ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකදී පුද්ගලයෙකුට අතින් පයින් මුගුරුවලින් පහරදීම හේතුවෙන් තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඊයේ මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 27 February 2024
දිස්ත්‍රික්ක කිහිපයකට වැස්ස නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 February 2024
ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති. 26 February 2024
මහජන සේවා දුරකථන සියයට 71ක් අක්‍රීයයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 26 February 2024
වියට්නාම් තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයකුට වරෙන්තු කොළඹ 07 ,වියට්නාම් තානාපති කාර්යාල නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) නියෝග කළේය. 26 February 2024
ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 26 February 2024
මේ වසරේ ජල ගාස්තු වැඩි වීමක් නෑ මෙම වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 26 February 2024
උල්හිටියේ වාන් දොරටු හිටි හැටියේ අරියි උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් අද (26) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි 26 February 2024
නැති හෙල්මට් දම්මන්න අල්ලස් ගත් කොස්තාපල්ලා කොටු රථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් අද (26) පස්වරුවේ භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය. 26 February 2024
දේශබන්දු පොලිස්පති පුටුවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත. 26 February 2024
“දේශය වෙනුවෙන් එක්වන පියවරක්” එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මැයෙන් වූ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට අද(26) පැමිණ සාකච්ඡාවක නිරත විය. 26 February 2024
ආසියානු සිනමා උළෙල …............... 17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ. 26 February 2024
නාමල් ජනපති කරන්න මාතලෙන් යෝජනාවක් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇත. 26 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026