
(අංජුල මහික වීරරත්න)
පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් විමර්ශන අංශ අදාල අමාත්‍යවරයාගේ සහ රජයේ අතකොළු බවට පත්වීම ගැටලු සහගත බව කී මන්ත්‍රීවරයා බුද්ධි අංශ ප්‍රතිවාදීන්ගේ දත්ත රැස්කිරීමට යොදා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබුණ බවත් ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැස් කිරීම අඩ පණ වූ බවත් සඳහන් කළේය. එවැනි තත්ත්වයකදී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, බුද්ධි අංශ සහ වෙනත් විමර්ශන අධිකාරීන් ස්වාධීන කළ යුතු බව රණවක මහතා අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවති විශේෂ සැමරුම් අවස්ථාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික මේ කටින්ද කතා කරන්නේ... තමා කල හදිසි අනතුරු මතක නැතිද?