පරාටේ නීතිය අත්හිටුවන්න කැබිනට් අනුමැතිය පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 February 2024
’’මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි’’ ජනතාව කැප කිරීම් කළ යුතු යැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දැමා ගනිමින් කකුලුවකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 26 February 2024
රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගයකින් දුම්රිය ස්ථාන පහක් පසුකර තිබිණ. 26 February 2024
ඊශ්‍රායලයේ රැකියාවට තවත් පිරිසක් යයි ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුවන් ප්‍රවේශපත් අද (26) පිරිනැමීය. 26 February 2024
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම කළේය. 26 February 2024
පාසල් බසය ඇළට පෙරලෙයි අම්පාර උහන උදයගිරිය ප්‍රදේශයේදි පාසැල් දරුවන් රුගත් බස් රථයක් ඇළට පෙරලිම නිසා තුවාල ලැබු දරුවන් හතර දෙදෙනෙකු අම්පාර මහා රෝහලට අද (26) දහවල් ඇතුලත් කර තිබේ. 26 February 2024
අධිකරණ 27 ක් ගිනි තැබූ අය රටේ යුක්තිය ගැන අහනවා එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 26 February 2024
‘ලාහෝර් මීයා’ ගුවන් යානය දින 3ක් නවතයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේදී මීයෙක් රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී අර්ජුන කපුගීකියන මහතා අද (26) පැවසීය. 26 February 2024
ග්‍රහලෝකාගාරය හෙට සිට වැසේ ග්‍රහලෝකාගාරය හෙට(27) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත 26 February 2024
කොරියා භාෂා පරීක්ෂණයට ප්රවෙිශ පත් දින දෙයි 2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 26 February 2024
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (26) පැවසීය. 26 February 2024
සෙල්ලම් කරමින් සිටි දරුවාට වායු රයිෆලයකින් වෙඩි වැදිලා සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි . 26 February 2024
කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සංජය බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගනු ලැබීය. 26 February 2024
පාඨලී සජබ හමු වෙයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. 26 February 2024
’පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’ වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පැවසීය. 26 February 2024
මුහුදට වැටී ධීවරයා අතුරුදන් මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පවසයි. 26 February 2024
අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි . 26 February 2024
හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 February 2024
ඖෂධ වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ’ප්‍රෙඩ්නිසිලෝන්’ නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී තිබුණ ද ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිනිල්ලක් ඉදිරිපත් කලේය. 26 February 2024
ඉන්ධන අලෙවියට ඕස්ට්‍රේලියන් සමාගමකුත් එයි මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම්’’ සමාගමට අවසර ලැබී තිබේ. 26 February 2024
කොස්තාපල් ‘අයිස්’ සමඟ මාට්ටු අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අද (26දා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 26 February 2024
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. 26 February 2024
කෑමට නුසුදුසු ආහාර තොගයක් පුළුස්සයි පොතුපිටිය මහා විද්‍යාලයේ ආහාර ප්‍රදර්ශනයක අලෙවිය සදහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සොසේජස් සහ රසකැවිලි ඇතුළු ආහාර තොගයක් භූමිතෙල් දමා පුලුස්සා විනාශ කල බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි . 26 February 2024
අධික රස්නයෙන් මරණ අවදානමක් අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය. 26 February 2024
අධිවේගියේ අනතුරින් එක් අයෙක් මරුට: 2කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් ගත් ලොරියක අද (26) අලුයම ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එයින් අයෙකු මිය ගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි 26 February 2024
සංවර්ධනය හබක් වන්නේ රාජ්‍ය ආයතන හරි සම්බන්ධයක් නැති නිසයි රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 26 February 2024
තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට විකුණයි තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 February 2024
උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි. 26 February 2024
හාල් ලොරියක් පාර හරහා දොයි කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි සහල් පටවූ කන්ටේනර ලොරියක් අද (26) උදේ පාර හරහා පෙරලීම නිසා සහායකයා තුවාල ලද අතර පැය තුනකට වැඩි වේලාවක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා සිදුවිය. 26 February 2024
බිරිය මියගිය සැමියාගේ සිරුර දින තුනක් නිවසේ තියාගෙන ඉදලා මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 26 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026