නාඋලට වැලි මැක්කා ඇවිත්:පරිස්සම් වන්නැයි උපදෙස් වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 28 February 2024
පා පුවරුවෙන් වැටී තරුණයෙක් මරුට යාපනයේදී බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් අද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 28 February 2024
පරාටේ නීතියට සංශෝධනයක් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 February 2024
පළාත් කිහිපයකට අදත් වැසිවාර කිහිපයක් නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 February 2024
මහබාගේ වෙඩිතැබීමේ සැකකරුවෙකු එස් ටී එෆ් වෙඩි පහරින් මරුට සූරියැවැව කෙලින්කන්ද මහවනය මැදදී පොලිස් විශේෂ කාර්යය බළකාය සහ වාඩියක සිටි පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි මියගොස් ඇත්තේ හිටපු යුද හමුදා සෙබෙලෙක් බව තහවුරුවී ඇතැයි පොලීසිය කියයි. 28 February 2024
මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 27 February 2024
සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 27 February 2024
ආහාර බද්ද අඩු කරන බව ජනපති කැබිනට් මණ්ඩලයට කියලා ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 February 2024
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (27) හමුවූහ. 27 February 2024
’’සතුටින් බාර ගන්නවා’’ තමාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව තමා සතුටින් බාරගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 27 February 2024
රොනී ද මැල් සමු දෙයි ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අභාවප්‍රාප්ත විය. 27 February 2024
උද්දිකගේ පුටුවට මුතුකුමාරණ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවන සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතය. 27 February 2024
පොලිස් සැරයන් වෙඩි තබාගෙන මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුර පොල තුළදී පොලිස් සැරයන්වරයකු අද ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි කොටවිල පොලීසිය පවසයි. 27 February 2024
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ් මාර්ග රාජකාරියේ දී පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල් හා ආධුනික පොලිස් නිලධාරියා මාර්තු මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27)නියෝග කළේය. 27 February 2024
කතානායක විශ්වාස භංගයට ජාජබ සහ ඩලස්ලාගේත් සහාය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත 27 February 2024
විදුලි බිල අඩු කරන්න කොමිසම හෙට රැස්වෙයි විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (28) පැවැත්වෙන බව එම කොමිසමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 February 2024
විදුලි ගාස්තුව සියයට 37කින් අඩුකරන්න විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද (27) පැවසීය. 27 February 2024
අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි. 27 February 2024
උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත. 27 February 2024
රටට එන තැන්වල සෞඛ්‍ය ආරක්ෂාව තර කරයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ කොළඹ වරායේ සෞඛ්‍ය ධාරිතාවන් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 February 2024
අලුත් රාජ්‍ය මූල්‍ය පනතක් එයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 February 2024
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට වූ පොරොන්දුව යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය. 27 February 2024
ක්‍රිකට් සංචිත තේරීමේදී තරංගගේ අනුමැතිය අනිවාර්යයි ශ්‍රී ලංකා සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගත යුතු යැයි සෙසු තේරීම් කමිටුවට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 February 2024
ඉන්දීය තානාපති ‘සංදේශය’ එපා කියයි ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ යැයි එයට විරෝධය දක්වමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් සංචාරක අමාත්‍යංශය සහ ඉන්දීය තානාපති කාර්යාලය අසළ අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 27 February 2024
විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න හොඳ අවස්ථාවක් කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 February 2024
ජා.ජ.බට ප්‍රධාන අභියෝග දෙකක් ජාතික ජනබලවේගය ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවත් ඉන් පළමු වැන්න බලය ලබාගැනීම ද, දෙවැන්න බලය ලබාගත් පසුව රට ගොඩනැගීම බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 February 2024
කෘෂිකර්ම ඵලදාවර්ධන හා අලෙවි අංශය වසා දමයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ඵලදාවර්ධන හා අලෙවි අංශය වහා ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 27 February 2024
‘යුක්තිය ’ තවත් 730 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට මත්ද්‍රව්‍ය වැරැදි සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 27 February 2024
ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 27 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026