(යොහාන් භාසුර)
වයස අවුරුදු 40 ඉක්මවූ ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින මෙරට පුරවැසියන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.
එම පුද්ගලයන්ට හැඳුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වැනිදායින් අවසන් වුවද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම දීර්ඝ කිරීම කළ බවත් උප්පැන්න සහතිකය නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත නොගත් පුද්ගලයන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පැන්නය නැහැ කියන්නේ පිළිගන්න පුළුවන් කාරණයක් නොවෙයි. මැතිවරණය ආසන්න කාලයේ හොර ඡන්ද දැමීමට කරන උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් ඔය කියන කාලය වනවිට දරු උපත් සියල්ලම වගේ සිදුවුණේ රෝහල් ආශ්‍රිතව නිසා ඔය අදහස කෙසේවත් පිළිගන්න බැහැ. ඔවුන් සමහර දෙනෙක් විදේශීය පුරවැසියන් වෙන්න වුණත් පුළුවන්, කොහොම වුණත් මෙම කටයුතු හැර කුමක් හෝ බරපතළ වංචාවක් කරනවාම වෙන්න පුළුවන්... උදාහරණයක් හැටියට මෙහෙම එකක් කියන්නම්... එක් පුද්ගලයෙක් තමන් පදිංචි පළාතෙන් බැහැර පළාතක රැකියාවක් සඳහා ඇවිත් හිටියා. ඔහු රැකියා සඳහා ඉදිරිපත් වන දිස්ත්‍රික්කයේ එක ග්‍රාම නිළධාරි කෙනෙක්... ඔහු එම වසමේ අවුරුදු දහයක් පදිංචි බවට සහතිකයක් දීලා තිබුණා... ප්‍රාදේශීය ලේකම් අනු අත්සන යොදා තිබුණා දැන් කාලයේ නම් අනුඅත්සන නැතිනිසා ඕනෑ හොරවැඩක් කරන්න පුළුවන් පදිංචි සහතිකයට අමතරව හැඳුනුම්පත ඉල්ලුවාම ඊට මාස කීපයකට පෙර රත්මලානේ ලිපිනයක පදිංචි කරුවෙක් හැටියට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හැදුනුම්පත නිකුත්කර තිබුණා... එවැනි දේවල් නිසා මේක වංචාවක් කියන්න පුළුවන්... හොර ඡන්ද සඳහා කරන උප්පරවැට්ටියක් කියලා හිතෙනවා. තාවකාලික හැඳුනුම්පත වුණත් එහෙම තමයි...
උප්පැන්නය නැහැ කියන්නෙ බොරුවක් කරන්න උපක්‍රමයක් කියන්න පුළුවන්. දැන් තමන්ගේ ලගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියාම උප්පැන්නය ගන්න පුළුවන්. එහිදී රටේ නමගිය අපරාධ කාරයෙක් ප්‍රදේශය අතහැර වෙනත් පළාතකට ගොස් වෙනත් නමකින් ඉන්නවා. හැදුනුම්පත හදන්න උප්පැන්නය ගන්න ලගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් දිනයක් කියලා එම ප්‍රදේශයේ උපන් බවත් කියලා උප්පැන්නය ඉල්ලනවා ලැබෙන්නේ නැහැ. නියමිත ආකාරයට සත්‍යම තොරතුරු දුන්නොත් උප්පැන්නය නැතිවෙන්නෙ කොහොමද?