(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට මේ සතියේදී කැඳවෙති.
මෙසේ කැඳවා ඇති සෙසු ආයතන වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදලයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් අනිද්දා (24) පස්වරු 2.00ටද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල යන ආයතන වල ප්‍රධානීන් ලබන 25 දිනයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් ලබන 26 දිනයේද මෙසේ කැඳවන බව කෝප් කමිටුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් බෑ මේ පාර. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ උගත් මහත්වරුන්ගෙන් ප්‍රශ්න කරන්නේ 8 පාස් මාල හොරෙක්. අද තිබ්බා මෙහෙම ප්‍රවෘත්තියක්...! උගතුන් විසිපන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා..!
මෙම කමිටුවට යන අය මාලය ගෙදර තියලා ගියා නම්, හොඳයි...!