(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව තිබේ.
මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ව්‍යවසායකයෙක් අරගෙන නියම විදිහට හදලා ගත්තොත් රටටම වාසනාවක්...!
අනේ ඔය සුදු අලියව ඉල්ලන ඕනෑ කෙනෙකුට කොන්දේසි විරහිතව දීල දාන්න. රටට විශාල බරකින් නිදහස් වෙන්න පුළුවන්.
රාජපක්‍ෂලා මංකොල්ල කෑ මහජන ධනය තමා මේ ධම්මික ළඟ තියෙන්නේ.
ඉතින් වැරැද්දක් නෑ නේ. අපේම කෙනෙක් ගත්තා කියන්නේ එක පිට රටකට විකිණිලා කියන්නේ එකනේ...
ධම්මික පෙරේරා මහතා ගැන අහල තිබුණත් කසල ගෙන්වීම නිසා ඔහු ගැන පැහැදීමක් නැතිවුණා ඒත් අනාගතය භාර ගන්න සිටින දරුවන්ට කරන අධ්‍යාපන සංග්‍රහය නිසා එම අකමැත්ත නැතිවුණා සමහරක් මිනිස්සු ඩිපි එඩියුකේෂන් එකක් අප ප්‍රදේශයේ පිහිටුවමු කිව්වම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට යොමුවුණේ දේශපාලන ක්‍රියාවක් කියලයි කොහොම වුනත් ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්න හදුනන කෙනෙක් නොවුනත් ධම්මික පෙරේරා මහතාට දෙනවා නම් ලාංකිකයෙක් හැටියට ඉතාමත් සතුටුයි
බාල තොරොමබ්ල් බඩු කොහොමත් ලාබෙට ගන්න පුලුවන්නේ.
ඒකෙන් ලංකාවට ඩොලර් එනවද?
විදෙස් ආයෝජකයින්ට වඩා මෙම දේශීය ව්‍යාපාරිකයාට මෙය මිලදී ගැනීමට අවස්තාව ලබා දී එය දියුණු කිරීමට උදව් කරන්නේ නම් එය මෙරට ආණ්ඩුවලට පමණක් නොව අනෙකුත් දේශීය ව්‍යවසායකයින්ට ද මහඟු දිරි ගැන්වීමක් වනු ඇත...
පෞද්ගලික ව්‍යාපාර ගැන උදම් අනන අය මහජනයා ගොඩ නැගූ ව්‍යාපාර කුණුකොල්ලෙට ගන්න දත කති. දකුණු ආසියාවේ ධනපති පැලැන්තිය ඕකයි..
පසුගිය දවස්වල එයාර් ලංකා එක බිංදුවටම බැස්සුවේ ධම්මිකගේ ප්ලෑන් එකක්ද? එතකොට ධම්මිකට අඩු ගාණට ගන්න පුළුවන්නේ...!
එහෙම නම්, ගුවන් යානාවලින් කුණු කන්ටයිනර් ඒවි. කුණු කන්ටයිනර්වලින් රට පෝසත් වේවි...!
ඕක හිතමිත්‍රාදීන්ට දෙන්නේ නැතුව "ෆිට්ස් එයාර්" සමාගමට බාරදුන්නොත් වැඩක් වෙයි. ඒකේ ලොක්කා තමා කලින් ශ්‍රීලන්කන් සමාගම ලාබ ලබන තැනට අරගෙන ගියේ. ඒ මනුස්සයා එළවලා සමාගම ගෙදර හිටපු මස්සිනාට බාරදීලා අහස්යානා පවුලේ ගමන් බිමන්වලට යෝදාගන්න පටන් ගත්තාට පස්සේ තමයි මේ හෙනේ ගැහුවේ...
මම හිතන විදියට ලංකාවට ඩොලර් හිගයි කියල, ඩොලර් ගේන ඕනම කෙනෙකුට අප්ප අප්ප වුණත් විකුණන්ඩ බලන එක මහ මරි මෝඩ වැඩක්. ශ්‍රී ලංකන් එක පාඩු ලබන්නෙ දුර්වල පරිපාලනය සහ දේශපාලන සූරාකෑම් නිසා. ඒක විකුණනවා නම්, ලංකාවේ මිනිස්සුම එකතුවෙලා අරගත්තත් කමක් නෑ. ඕකෙන් වැඩක් ගන්ඩ හපන්නු ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා, දේශපාලන හාල්පාරුවන්ට ඕනකමක් නැති වුනාට. අන්තිමට පුද්ගලික විදියට හරි ලංකාවට ඒක තියෙයි. විදේශ හවුලකට යනවනම්, වැඩි හිමිකාරීත්වයක් ලන්කාවෙ තියාගන්න එක හොඳයි. පාලක බූරුවන්ට පෙනෙන්නෙ උන්ගෙ ජීවිත කාලෙ තරමට විතරක් උනාට රටේ අනාගත පරපුරක් තව ඉන්නවනෙ.. හැබැයි ඔය කියන කෙනාව දම්මල, කුණුකොල්ලෙට ගන්ඩ හදන්නෙ, ශ්‍රී ලංකන් එක කාබාසිනිය කරපු සෙට් එකම වෙන්ඩත් බැරි නෑ..
මුලින්ම ඔයා රජයට ගෙවන්න තියෙන කෝටි ගාණක බදු ටික ගෙවලා ඉන්නකෝ... එයාපෝට් ගන්න කලින්...!