(යොහාන් භාසුර)
මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පළමු මාස තුළ අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 78,700 ට වඩා සියයට 6 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100 ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100 ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300 ක් උපයා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පම්පෝරි ගැහුවාට ගිය අවුරුද්දේ නම් රජයේ අදායමෙන් 77%ක් රනිල්ගෙයි, මහින්දගෙයි ණය වල පොලී ගෙවන්න වැයකරලා තිබ්බා නේද?, මේ සැරේ ප්‍රතිශතය කොපමණද දන්නේ නැහැ..
අසාධාරණ විදියට බදු පිට බදුගහලා අහිංසක සාමාන්‍ය ජනතාව තලා පෙලා සල්ලි මංකොල්ල කනකොට ආදායම් වැඩියි තමයි...
ඔය කාලෙටම රජයේ වියදම් කීයද?
වියදම ?
ගත්තු ආදායම වියදම් කළේ මොනවාටද කියලා දැනගන්න පුළුවන්ද?