(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ නිවසට අද (19)  පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් වෙත  සාතිශය සංවේගය පළ කළේය. 

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.