සිනෝපෙක් - අයි.ඕ.සී. ‘සිපෙට්කෝ’ මිලට සම කරයි මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. යන සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන අළෙවි කරන බව නිවේදනය කළේය. 01 December 2023
2022 සා.පෙළ ප්‍රතිපල නිකුත්වේ 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. 01 December 2023
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වේ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 30 November 2023
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 30 November 2023
දෙනියාය මූලික රෝහල දෙලොවක් අතර දෙනියාය මූලික රෝහල අලුතින් හදන බවට ගත් තීරණයක් නිසා සාමාන්‍ය සංවර්ධන කටයුතු පවා නතර වී ඇතැයි පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
‘මිත්‍ර ශක්ති’ 9 වැනි අදියර ඉන්දීය - ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශ්වික ‘මිත්‍ර ශක්ති’ වාර්ෂික ආරක්ෂක අභ්‍යාසයේ 9 වැනි අදියර ඉන්දියාවේ පූනේහි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී මේ මස 16 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්විණි. 30 November 2023
වැලිපැන්නේ අතුරුදන් තරුණියගේ සිරුර හමු වේ පසුගිය 27 දින රාත්‍රී නිවසින් අතුරුදන් වූවා යැයි පැවසෙන වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි මොහොමඩ් අමීන් පාතිමා අස්මියා නම් 24 තරුණියගේ මළ සිරුර අද සවස 4.00 ට පමණ ප්‍රදේශවාසීන් සොයාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. 30 November 2023
අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 November 2023
යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි. 30 November 2023
ගිනි අවි ජාවාරමක් කළ අයෙක් මාට්ටු අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 30 November 2023
දේශබන්දුගේ නම ව්‍යවස්ථා සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට එවනු ලැබ ඇත. 30 November 2023
වෙළදසැලේ නිදා සිටි යුවළ කපා කොටා මරාදාලා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 30 November 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් නිලධාරීහු දෙදෙනෙක් ඉවත්වෙති ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශික නිලධාරීන් දෙදෙනෙක් ඉවත්ව ගොස් තිබේ. 30 November 2023
සූරිය පැනල විදුලිය ඒකක මිලියන 483 ක් වහළය (පියැසි) මත සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2023) පළමු කාර්තු තුනේ පමණක් එනම් සැප්තැම්බර් 30 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 30 November 2023
ඖෂධ අධිකාරියේ වැ.බ. ප්‍රධාන විධායක නිලධාරිනිය අධිකරණයට බාර වෙයි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනිය නීතීඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30) බාර වුවාය” 30 November 2023
පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය වෙරිටේ කියයි පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 30 November 2023
ජෙරම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද (30) පෙරවරු වේ සිට පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2023
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහි නඩුවට පෙනී සිටින්න නීතීඥ සංගමය අවසර ඉල්ලයි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලුවේය. 30 November 2023
මහනුවර මහ දවල් යුද පිටියක් වේ මහනුවර නගරයේ ඩී. එස්. සේනානායක වීදියේ අවන්හලක දෙපිරිසක් අතර අද සවස ඇතිවු ගැටුමකින් සිවුදෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ අතර ගැටුමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 30 November 2023
රොෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2023
වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව මාර්තුවේ විභාගයට කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 28 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) නියම කළේය. 30 November 2023
උත්සව සමයට සම්බා ඉන්දියාවෙන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. 30 November 2023
ෂෙහාන්ගෙන් මැති සබයට සුභාරංචියක් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා(29) මූලික එකඟතාවන්ට පැමිණි බව මේ සභාවට සතුටින් දැනුම් දෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ( 30) පැවසීය. 30 November 2023
හිටපු සෞඛ්‍ය ලේකම්ට හූ සංග්‍රහයක් බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශයක් දීමට අද (30) පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වූහ. 30 November 2023
’’ මං දැකපු බොළඳම විපක්ෂ නායක’’ දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
ලංකාවේ හයදහසකට ඒඩ්ස් ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද(30) පැවසීය. 30 November 2023
දූෂණයට නාස්තියට එරෙහිව සෞඛ්‍ය සේවකයෝ පාරට සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 20,000 දීමනාවක් ඉල්ලා සිටීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 30 November 2023
’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
එළවලු ගිනි ගනං පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 30 November 2023
තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණ ඇරැඹිණි. තෙලන්ගනා යනු ඉන්දියාවේ, දකුණු දෙසින් පිහිටි ප්‍රාන්තයකි. හයිද්‍රාබාද් යනු තෙලන්ගනා ප්‍රාන්තයේ අගනුවරය. 30 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026