(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
මෙම නඩුකරය සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුවක් හෙයින් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිරෙහි බලපාන නඩුවක් බැවින් මේ සම්බන්ධව නිරන්තර නිරීක්ෂණයට ලක් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දකවමින් පැවසීය.
ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් පසුගිය 04වැනි දින නිකුත් කළේය.
ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ටද මෙම වාරණ ආඥාව නිකුත් කෙරිණි.
ව්‍යවස්ථාදායකය මගින් පසුගිය ජනවාරි මස සම්මත කළ 2024 අංක 09 දරණ මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
අදාළ පනත යටතේ
තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු පැමිණිල්ල මෙම නඩුකරය වේ. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු අධිකරණයේ පෙනී සිටි අතර වැඩිදුර විභාගය මැයි මස 02වෙනි දිනට කල් තැබිණි.
දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.
අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්
ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක
හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට