(සුජිත් හේවාජුලිගේ)
වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ
සමහර භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරුණු පසු විවිධ වෙනස් කිරීම්වලට ලක් කෙරෙන බවත් බොහෝ ආනයනකරුවන් රටට ගෙන්වනු ලබන භාණ්ඩ මත වන බදු ගෙවීම පැහැර හැරීමට උත්සාහ දරන බවත් එම අධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන ඇතත් අදාල අංශ ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන නැතැයි වාර්තාවේ දැක්වේ.
ආනයනකරුවන් භාණ්ඩ මත සලකුණු කරන මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ විකිණෙන බවත් සමාගම් හරහා ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර වෙනත් ලේබල් අලවා තිබූ බවත් අධිකාරියේ නිලධාරින් නිරීක්ෂණය කර ඇතත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව කියති.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික පැමිණිලි අංශයට ලැබුණු පැමිණිලි නියැදියක් පරීක්ෂා කිරීමේදී ඒවා විසඳීමට වසරකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින් පැමිණිලිකරුවන්ට සහනයක්වී නොමැති බව විගණන අංශ පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය ඉන්නේ මැරයින්... රජයේ නිෂ්ඵල, තේරුමක් නැති ආයතන වලින් එකක්...
ලොකු දේවල් ඕන නෑ. හරි බරට පාන් ගෙඩියක් ගන්න තියෙනවාද (සුපර් මාකට් වල හැර)
මේ රටේ මහජනතාවගේ මුදලින් නඩත්තු කරන තඹ දොයිතුවක් නොවටිනා රාජ්‍ය ආයතනයක්...! රටට මහ බරක්...! මෙම ආයතනය දේශපාලකයා කවුදැයි නොදනිමු...! ඔහුද මේ රටට බරකි. හැකි ඉක්මණින් මෙම ආයතන වසා දමා රටේ මුදල් ඉතිරි කරන්න! පාරිභෝගිකයින්ගේ අයිතිය ආරක්ෂා කරන සැබෑ පාරිභෝගික ආයතනයක් රටට අවශ්‍යයි...
දැන් සැපද?
ඉතින් රටින් ගෙන්වන ගානට විකුනන්න බෑ තමයි, මොකද ඒකට ප්‍රවාහන,ගබඩා කුලී,ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි නඩි එකතු වෙනවා.