(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.
එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නිලධාරියා වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසෙයි.වහලේ සිවිලිමේ දිරාගිය කොටසක් මෙසේ කඩා වැටී ඇති බව දැනගන්නට
ඇත.
අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් රාජකාරියට වාර්තා කරනු ලැබුවේද ඊයේ (17) දිනයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ කිරි ඉතිරෙව්ව එක ප්‍රතිපල දැන්ම පේන්න පටන් අරන්. ජූලි 21 පෙර සුභ පණිවිඩයක් අහන්න ලැබෙයි