වැඩබලන අගවිනිසුරු තුරෙයිරාජා දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 07 November 2025
රේගුව දිනක වැඩිම ආදායම ලබයි ශ්‍රී ලංකා රේගුව ඊයේ (6) දිනයේ රුපියල් බිලියන 27.7 ක් හෙවත් රුපියල් කෝටි 2770 ක ආදායමක් ලැබූ බවත් එය රේගු ඉතිහාසයේ දිනක දී ලැබූ ඉහලතම ආදායම බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. 07 November 2025
පාර්ලිමේන්තු සබා ගැබත් දැඩි සෝදිසියට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනාව අද ඉදිරිපත් කෙරෙන හෙයින් පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත. 07 November 2025
පාසල් වල කුඩු අල්ලන මෙහෙයුම් වලට පොලිස් නිල සුනඛයන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 07 November 2025
ටිල්වින්-ස්විස්ටර්ලන්ත තානාපතිනී හමු වෙයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 07 November 2025
දකුණින් උතුරටත් තරුණ හුවමාරු වැඩසටහනක් ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. 07 November 2025
පළාත් කීපයකට අද තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 07 November 2025
ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ’’හඬ පට’’ රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය. 07 November 2025
පාසල් කාලය පස්වරු 2 දක්වාම තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැ 06 November 2025
බසයක් මතට ගසක් කඩාවැටී අයෙක් මරුට:දහයක් රෝහලට මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මතට අද සවස 4.40ට පමණ හාල්වත්ත ප්‍රදේශයේදී ෆයිනස් ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් එක් මගියකු මියගොස් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 06 November 2025
අයවැයෙන් පොඩි මිනිහාට සහන පැකේජයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 06 November 2025
මැතිසබයේ ලොකු සෝදිසියක් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හෙට (7) පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ක්රියාත්මකවේ. 06 November 2025
දරුවන්ට කුඩු බෙදුවේ මාලිමා විදුහල්පතිලා මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. 06 November 2025
සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 06 November 2025
කොලොන්න අය වැය ජාජබ පරාදයි මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය. 06 November 2025
විද්‍යා තාක්ෂණ දියුණුවට උපරිම සහය දෙනවා රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේගය වන විද්‍යාව හා තාක්ෂණය සඳහා රජයේ සහයෝගය වැඩි කිරීමට සැලකිය යුතු පියවර ගන්නා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. 06 November 2025
කුඩු සමග ඇල්ලු විදුහල්පති දින හතක් ප්‍රශ්න කරන්න අවසර එප්පාවල ඇඳගල ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරුවකු දින 7 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග අවසර දුන්නාය. 06 November 2025
යතුරුපැදිකරු දුරකතන කණුවක ගැටී මරුට හෝමාගම ගැමුණු මාවත අසළ දුරකථන කණුවක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත්තේ පැදිකරු මියගොස් පසු පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (06) දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 06 November 2025
ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය. 06 November 2025
ගෙවත්තකින් විදෙස් ගිනි අවියක්-පතුරොම් හමුවෙයි කහටගස්දිගිලිය ප්‍රද්ශයේ ගෙවත්තක තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් හා පතොරම් තොගයක් ඇතුලු පාර්සලයක් සොයා ගැනීමට කහටගස්දිගිලිය පොලිසිය සමත්ව තිබේ. 06 November 2025
ඉෂාරා ඉන්දියාවට පැන්නූ සැකකරුගේ ප්‍රකාශයෙන් තවත් උණ්ඩ සොයාගනී ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 06 November 2025
වසරේ ගතවූ කාලයේ 230 ක් දියේ ගිලී මරුට දියේ ගිලිම් හේතුවෙන් 230 දෙනකු වසරේ ගත වූ කාල සීමාවේදී මියගොස් ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි. 06 November 2025
නව ආයුර්වේද කොමසාරිස් වැඩ බාර ගනියි නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහත්ම මහත්මීන් මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරු වල වැඩ බාර ගත්හ. 06 November 2025
අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි රජයේ අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වේ. 06 November 2025
හෙලිකොප්ටර් ටෙන්ඩරය ගැන කියන්න කල් ඉල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානා 4ක සම්පූර්ණ අලුත්වැඩියාවට අදාල ටෙන්ඩරය කොන්දේසි ලේඛන සම්පූර්ණ නොකළ බව කියන සමාගමකට දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතියක කාලයක් ඉල්ලා සිටියේය. 06 November 2025
ත්‍රි‘මලේ පාසලක පුස්තකාලය ගිනිගනී ත්‍රිකුණාමල , ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) උදෑසන පාසල් ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ ඇතිවූ හදිසි ගින්නකින් පුස්තකාලයේ පොත් සියල්ල ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි. 06 November 2025
රජයේ අයවැය ලේඛනය හෙට මැතිසබයට 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 06 November 2025
අයවැය යෝජනා ජනපති නිරීක්ෂණයට 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. 06 November 2025
මත් වැරදිකරුවෝ 980 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980ක් ඊයේ (5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 06 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025