
(ටී.කේ.ජී.කපිල)
වියට්නාමයේ පැවති 04 වන ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති - 2026 (World Junior Tourism Embasserdor) රූ රැජින තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිමන්යා දිසානායක සහ අරෝරා මුදළිගේ යන සිසුවියත් දෙදෙනා , එම තරගාවලියේ පැවති කාණ්ඩ දෙකක අනුශූරතා දෙකක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) දින උදෑසන පැමිණියහ .
මෙම තරගාවලිය , ලෝකයේ රටවල් 30 කනිෂ්ඨ රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 27 දින සිට ඊයේ (04) දින දක්වා වියට්නාමයේ දලාත් නුවර පවත්වා තිබුණි .
එහිදී 13 වන වියේ පසුවන දිමන්යා දිසානායක ඔටුනු පළන් කුමරිය (Crown Princess) ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී සිටියාය .
එසේම මෙම තරගාවලියේ රැජින කාණ්ඩයේ (Queen Category) යටතේ තරග කළ 14 හැවිරිදි අරෝරා මුදළිගේ , එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී සිටියාය .
ඔවුන් පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්යක්ෂ සහ පුහුණුකරු කාංචනා ඒකනායක , 06 හැවිරිදි වියේ පසුවන ළමා නිරූපන ශිල්පිනී ඔනලි තිසරණී මෙන්ම මෙම අනුශූරතා දිනූ රූ රැජිනියන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ද කටුනායක ගුවන් වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd