නිවසක් පිටුපස වගා බිමක බෝම්බයක් පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 10 November 2025
තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලබා ඇති බව තලාව පවසයි. 10 November 2025
උඩ පන්දුව මරණයකින් කෙළවර වෙයි මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 10 November 2025
ඖෂධ පෙති - අලේපන තොගයක් කල්පිටියේ කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් සිව් දෙනෙක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 10 November 2025
වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බීලා වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය පානය කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60 කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරා ගැනීමට අදාලව සීසී ටීවී දර්ශන 70 කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 10 November 2025
උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින් අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 10 November 2025
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා විරෝධයක දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද (10 කටයුතු කර තිබේ. 10 November 2025
බෙරලපනාතර සමූප බලයත් පොදු විපක්ෂයට සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය. 10 November 2025
සවස් කාලයේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 10 November 2025
කෝටි 10ක කුඩු සමග කතක් මාට්ටු සීනිගම ප්‍රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවෙ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 09 November 2025
ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය. 09 November 2025
නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 09 November 2025
තාරුණ්‍ය ගොඩ ගන්න හැම කැප කිරීමක්ම කරනවා ශ්‍රී ලාංකේය තරුණයා ගොඩනැගීම වෙනුවෙන් සියලු කැපවීම් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. 09 November 2025
‘‘ජනපති බොරු මල්ලක් ඉදිරිපත් කළා‘‘ ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 November 2025
මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය. 09 November 2025
රත්තොට අලි සිරුරක් රත්තොට වෙිරගම ඉකිරියගොල්ල විහාර මාවත වතුයායේ දි මිය යන්නට ඇතැයි සැලකෙන වන අලියකුගේ සිරුරක් හමුවූ බව රත්තොට පොලිසිය පවසයි. 09 November 2025
අලි පහරදීමකින් ගොවියෙක් මරුට කහටගස්දිගිලිය දිවුල්වැව ප්‍රදේශයේදී අද අලුයම වන අලියකු පහරදීමෙන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසිය පැවසීය. 09 November 2025
හෙද සිසුන් 2650ක් අලුතින් දෙසැම්බර් මාසයේදී හෙද සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 November 2025
නුවරඑළිය වෙළෙන්දෝ දෛණික රාජකාරියෙන් ඉවත් වෙති දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් හෙට (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය. 09 November 2025
අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ඝාතනය කෙරුණු මාලු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තිදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කීවේය. 09 November 2025
උසස් පෙළ දරුවන්ට ආපදා දැනුම් දෙන්න අංකයක් උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත. 09 November 2025
වියදම් නැතිව ඇමෙරිකා ගුවන් ගමන් 1400ක් නවතී ඇමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් පෙරේදා(08) දිනයේ පමණක් එරට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 1400 ක් අවලංගු වී තිබූ බවත් තවත් ගුවන් ගමන් 6000 ක් ප්‍රමාද වී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 November 2025
මත් වැරදිකරුවෝ 994 ක් කොටු ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 994ක් ඊයේ (8) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 November 2025
සෞඛ්‍ය ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක් නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 November 2025
ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 November 2025
ගින්නකින් කඩකාමර හතරක් විනාශයි අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 09 November 2025
නිධන් සොයන්න ගිය තිදෙනකු පොලිස් දැලේ ගලෙන්බිඳුණුවැව , වැවේ සොරොව්ව ආසන්නයේ නිවසක පිටුපස නිධන් වස්තු සෙවීමේ අරමුණින් අනවසරයෙන් කැණිම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගලෙන්බිඳුණුවැව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 November 2025
ජල මාර්ග ප්ලාස්ටික් වලින් බේරා ගන්න වැඩක් අරඹයි කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ වැඩසටහනක් අරඹා තිබේ. 09 November 2025
ආයුර්වේද වෛද්‍ය පීඨ වල ගැටලු ලිහන්න යයි මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසැඳුම් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 November 2025
අද කාලගුණය බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 09 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025