(නිමල කොඩිතුවක්කු)

යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 19592ක්  මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.

වයඹ, උතුර, අනුරාධපුර, අම්පාර, දකුණ, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල ආදී දිස්ත්‍රික්කවල ගබඩා 100 ක් වී මිලදී ගැනීම සඳහා විවෘත කර ඇති බවත් එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ඒ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,500ක් මිලදී ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය.

සියයට 14 ට අඩු තෙත වී පමණක් මිලදී ගන්නා බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.

දැනට නාඩු රුපියල් 120ට සම්බා රුපියල් 130ට කීරි සම්බා රුපියල් 140ට වී මිලදී ගන්නා බවද ඔහු සඳහන් කළේය.