අසභ්‍ය වීඩියෝපට එංගලන්ත වෙබ්අඩවියකට මුදාහළ යුවළක් අල්ලයි වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 09 November 2025
කන්දේගම ධර්ම ශාලාවට වන අලි ප්‍රහාරයක් පොළොන්නරුව ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට අද (8) එල්ල වු වන අලි ප්‍රහාරයකින් ධර්ම ශාලාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බව, ධනංජය රජමහා විහාරාධිපති කන්දේගම දීපවංසාලංකාර නාහිමියන් සඳහන් කරති. 08 November 2025
ට්‍රැක්ටරයකට යටවී දරුවකු මරුට වැලිකන්ද අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ධාවනය වු ටැක්ටර් රථයකට,රාත්‍රි 7.00 ට පමණ පාර මාරුවෙමින් සිටි පිරිමි දරුවෙකු යට වීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 08 November 2025
මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සමඟ ධීවරයෝ 6 ක් අත්අඩංගුවට අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 November 2025
‘‘අපේ දරුවන්ට අශිලාචාර දේ උගන්වන්න එපා‘‘ අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී අද පැවසූහ. 08 November 2025
වතුකරයේ ජනතාව සතුට පළ කරති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරමින් වතු සේවකයන්ගේ දෛනික වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට යෝජනා කිරීමත් සමග වතුකරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ. 08 November 2025
ත්‍රිරෝද රියක් පෙරළී පහක් රෝහලේ තලවකැලේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මර්ගය හරහා පෙරලි යාමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමුන් ඇතුලු 5 දෙනකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළබව නානුඔය පොලිසිය පැවසීය. 08 November 2025
මනම්පේරි කුඩුවලින් සොයා ගත් බසයක් - මෝටර් රථයක් අල්ලයි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගෙන් ප්‍රශ්න කිරීම් අනූව එම සැකකරු විසින් ජාවාරම් සිදු කිරීම සඳහා යොදාගත් කැබ් රථයක්, මෝටර් රථයක් සහ ජාවාර වලින් උපයා ගත් මුදලින් ලබාගත් බව කියන බස් රථයක් පස්වරුවේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බාරයට ලබාගෙන ඇත. 08 November 2025
සරසවි නේවාසිකාගාරයෙන් කලලයක කොටස් හමු වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 08 November 2025
ජනපති අයවැයේදී නොකිව් දෙයක් හර්ෂ මතක් කරයි ජනතාවගෙන් දේපළ බද්ද අය කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බවත් මෙවර අයවැයේදී ජනාධිපතිවරයා ඒ ගැන වචනයක් හෝ නොකියූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 November 2025
පළාත් සභා අවුල: ආණ්ඩුවෙන් අලුත් තීරණයක් පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය. 08 November 2025
මැතිසබා කමිටුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයට නියෝගයක් රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 November 2025
විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටුණු අයවැයක් මෙවර අයවැයෙන් විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටුණු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 08 November 2025
කෝටි පහක හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ගාල්ල සීනිගම ප්‍රදේශයේදී අද(8) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 08 November 2025
අවුරුද්දකට පෙර කළ ඝාතනයකට තිදෙනෙක් මාට්ටු මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර වැසිකිළි වලක දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය. 08 November 2025
ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ. 08 November 2025
කොටහේනේදී වෙඩි කැ පුද්ගලයා මරුට කොටහේන 16 වන පටුමගේ දි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පුද්ගලයා මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 November 2025
දරුවා ලොරියට බිලි දේවස්ථානයට ගොස් නිවසට යමින් සිටී 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 08 November 2025
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 November 2025
කොටහේනේ වෙඩි තැබීමක් කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 07 November 2025
අඳුරු වළාවකින් පසු හිරු පායනවාමයි අඳුරු වළාකුළු වලින් ඔබ්බට හිරු බබලන බවත් අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛාවන් නිශ්චිතවම පායන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද පැවසීය. 07 November 2025
කෝටි 10ක් සොරාගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ් නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. 07 November 2025
එක්දින - විස්සයි20 සංචිත නම් කරයි පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ. 07 November 2025
නිලංග දෑල නව දියවඩන නිලමේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය. 07 November 2025
වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත. 07 November 2025
නිපොන් පදනමේ සභාපති අගමැතිනිය හමුවෙයි ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 07 November 2025
මැතිසබේ වෙනසට ලොක්කෝ හතරක් විරෝධයේ: මහලේකම්ට ලිපියක් පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් සිවු දෙනකුද සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 07 November 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි: ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 07 November 2025
කුඩු සිද්ධියට ගෑවුණු විදුහල්පතිගේ වැඩ තහනම් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. 07 November 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි 2026 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 07 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025