දකුණු කොරියාවට බලපෑ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන්, උණුසුම දරාගත නොහැකිව එරට වැසියන් 21 දෙනකු මියගොස් ඇතැයි එරට රජය වාර්තා කළේය.

මෙම 21 දෙනා මියගාස් ඇත්තේ, විවිධාකාරයේ රෝගී තත්ත්වයන් හේතුවෙනි. බොහෝ දෙනකු විජලයට ලක් වී වකුගඩු ආබාධවලට ලක්වුණු බව ද වාර්තා වේ.

දකුණු කාරියානු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව රෝගී වූ 2,441 රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. ඔවුන්ගෙන් ද වැඩි දෙනා හදිසි ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.