(නිමල් ජයරත්න)

සිරිපුර සිට මැදිරිගිරිය දක්වා ගමන් කරමින් තිබු වෑන් රථයක්,මනම්පිටිය 2 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළි සිදු වු අනතුරින් තිදෙනකු තුවාල ලබා පොලොන්නරුව හා මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

පොලොන්නරුව අරලගංවිල ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරට මුහුන දුන් අයවලුන් සිරිපුර මළ ගෙදරකට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබෙන බව පොලිසිය කියයි.