
(විමුක්ති එස් රුද්‍රිගු)
තම පැටවා මියගිය දුක දරාගැනීමට නොහැකිව දින හයක් සියකර මත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළේ පිහිනූ ඩොල්ෆින් මවකගේ දර්ශන පෙළකට අද වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් හිමිව තිබිණි.
ෆ්රැග්ල් නම් මෙම ඩොල්ෆින් මව සිය කරමත මියගිය පැටවා තබාගෙන පිහිනන වීඩියෝව තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ කටයුතු සිදුකරන ජියෝග්රාෆ් මැරීන් රිසර්ච් සංවිධානය පසුගිය 20 වැනිදා උඩුගත කර ඇත.
ඇයගේ දරුවන් තිදෙනෙක් මීට පෙර මියගොස් ඇති බවත් සිවුවැනි දරුවාගේ වියෝව දරාගැනීමට නොහැකිව දුක ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස දවස් හයක් පීනා ඇති බවත් ජියෝග්රාෆ් මැරීන් රිසර්ච් සංවිධානය ප්‍රකාශ කළේය.
මියගිය පැටවාගේ වයස සති දෙකක් බවත් මීට පෙරද පැටව් තිදෙනකු මියගොස් ඇති නිසා ෆ්රැග්ල් මත්ස්‍ය ලෝකයේ තුළ ප්‍රසිද්ධ චරිතයක් බවත් එම සංවිධානය සඳහන් කළේය. අධික ශීත දේශගුණය මධ්‍යයේ ඉපිද ඇති මෙම ඩොල්ෆින් පැටවා නිවුමෝනියා රෝගයෙන් මියගොස් ඇති බවද පැවැසෙයි. මෙවර පැටියා ජීවත්කර ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි සත්ව විද්‍යාඥයන් බොහෝ දෙනා විශ්වාස කළ බවද ජියෝග්රාෆ් මැරීන් රිසර්ච් සංවිධානය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd