පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. 06 November 2025
අංක තහඩු මාරු කළ යතුරු පැදියක් සමඟ හිටපු පීසී මාට්ටු සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි. 06 November 2025
පොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 06 November 2025
දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 November 2025
සැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය. 06 November 2025
ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 06 November 2025
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි. 06 November 2025
අල්ලසින් කප් එක පොලිසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 06 November 2025
කැලණියේදී මෝටර් රථයක් දුම්රියක ගැටේ කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 05 November 2025
මත්සාදයක් වටලා දස දෙනකු අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක් තුළ පැවති මත්ද්‍රව්‍ය සාදයක් වටළා එහි සිටි කාන්තාවක ඇතුළු තරුණයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 November 2025
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන් කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. 05 November 2025
විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 November 2025
පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සෙව්වන්දි සොයිසා මෙනෙවිය අද (5) නියෝග කළාය. 05 November 2025
කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කළහ. 05 November 2025
සජිත් - ජයශංකර් හමුවක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. 05 November 2025
මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 05 November 2025
හෑෂ් කිලෝ 11ක් කටුකුරුන්දෙන් අල්ලයි කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් සහ ග්‍රෑම් 759 ක් අද උදෑසන සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 05 November 2025
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෝටර්රථ කාර්මිකයකු පිරමිඩ ජාවාරමකට හවුල් වෙලා පෞද්ගලික සමාගමක් යටතේ පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගොස් මුදල් ඉපැයූ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මෝටර්රථ කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2025
ලොකු ලූනුවලට නම් පටබඳිති දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති. 05 November 2025
උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින් උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 05 November 2025
පාප් වහන්සේට ලංකාවට එන්නැයි විධිමත් ආරාධනයක් දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් හමුවේ පැවසීය. 05 November 2025
විපක්ෂ ජන රැළියට එජාපෙන් හරීන් ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන ’’ මහා ජන හඬ’’ ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ. 05 November 2025
ප්‍රකාශන හිමිකම් ගැටළු ලිහන්න කමිටුවක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. 05 November 2025
රාජ්‍ය සේවයට 60,000 ක්: බදවා ගැනීම් ඇරැඹේ රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය 05 November 2025
නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් විය. ඒ අනුව, නිව්යෝක් නගරාධිපති ධුරයට පත්වන පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වන්නේ මම්දානීය. 05 November 2025
බිරිය මැරුවැයි සැමියා සැකපිට වවුනියාව, කල්මඩු පුම්පුකාර් හි තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ සැමියා මඩකලපුව එරාවුර් හීදි සැකපිට අත්අඩංගුවටගත් බව ඊච්චන්කුලම පොලිසිය කියයි. 05 November 2025
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ’’මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්’’ පිදුම් ලැබුවේය. 05 November 2025
පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. 05 November 2025
සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත. 05 November 2025
ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි. 05 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025