
(අංජුල මහික වීරරත්න)
නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුව පහසු පත්ල පහත් බස් රථ 50 ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සුව පහසු පත්ල පහත් බස් රථ 100 ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය යටතේ අදාළ සැපයුම්කරු විසින් එම බස්රථ මේ වන විට මෙරටට ආනයනය කරනු ලැබ ඇත. මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස උපායමාර්ගික වැදගත්කම සහ කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ රජයේ අරමුණු සැලකිල්ලට ගනිමින් මෙට්‍රො බස් රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
ඒ සඳහා මෙට්‍රො බස් රථ ඇණියේ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2026-03-06 දින බස් රථ 100 ක් මිල දී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුව පහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd