
(අංජුල මහික වීරරත්න)
කොළඹ හා අවට ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කරමින් විධිමත් ප්‍රවාහන සේවාවක් පවත්වා ගැනීමට මාර්ග දෙකකින් ආරම්භ කරන ලද නව මෙට්‍රෝ බස් රථ සේවාව කොළඹ නව මාර්ග 5 කට හදුන්වා දෙමින් සමස්ත මාර්ග 7 ක් දක්වා ප්‍රවාහන සේවා පුළුල් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මගී ජනතාවට මෙට්‍රෝ බස් සේවාවේ වැඩි පුවාහන පහසුකම් සලසා ගැනීමට හැකි වනු ඇත.
මෙට්‍රෝ බස් රථ නව මාර්ග පද්ධති වල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව මිලේනියම් සිටි - කොළඹ කොටුව ( කි.මි. 22. 3) දෙමටගොඩ - පානදුර (කි.මි. 28.7) තලංගම ඩිපෝව, බත්තරමුල්ල නගරය - ඒකල (කි.මි. 29. 9) මාකුඹුර, කැස්බෑව - පිටකොටුව (කි.මි. 37.7) කොල්ලුපිටිය - සර්කියුලර් පාර, බම්බලපිටිය (කි.මි. 14) නව මාර්ග 05 සදහා බස් රථ එක් කිරීමට නියමිතයි.
එමෙන්ම මාකුඹුර - කොළඹ කොටුව (කි.මි. 23.3) සහ මාකුඹුර - කඩවත (කි.මි. 34.8) මාර්ග 02 හි සුපුරුදු පරිදි මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කෙරේ.
මෙම මෙට්‍රෝ බස් රථ සේවාව පළමු අදියරේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය කළ ද එළඹෙන 2027 වසරේ දී එය අනෙකුත් පළාත්වල නගර වෙත ද ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත. එමෙන්ම 2032 – 2035 කාලය වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මගින් සිදු කිරීම ප්‍රධාන අරමුණ වන අතර ඊට සම්බන්ධ වීමට පෞද්ගලික අංශයට ද අවස්ථාව සැලසේ.
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ නංවා 2027 අවසන් වන විට බස් රථ ප්‍රමාණය 272 ක් දක්වා ඉහළ නැංවීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සැලසුම් කර ඇත. 2025 අය-වැය යෝජනා අනුව මෙරට පොදු ප්‍රවාහන සේවාව වැඩි දියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු ලොව දියුණු තාක්ෂණය සහිත බස් රථ ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ බස් රථ 104 ක් ආනයනය කෙරිණ.
මෙම මාධ්‍ය හමුවට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගාම් සභාපති යු.පී. තිලකරත්න එහි පුධාන විධායක නිළධාරී බී.එම්. පියතිලක, ඩිජිටල්කරණ හා වෙළඳ කළමනාකරු ඉංජිනේරු අයේෂ්මන්ත මදුරංග යන මහත්වරු එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd