
(අංජුල මහික වීරරත්න)
මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු වන සූදුව (Online Gambling) නැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ නීති පැනවීමේ කටයුතුවල වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රීය දායකත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd