
(නිමල කොඩිතුවක්කු)
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා කොළඹ සිදු කළ නිල සංචාරය අතරතුර අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවිය.
දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සාකච්ඡා අතරතුර ප්‍රධාන වශයෙන් කලාපීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දිගුකාලීන විශේෂ සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.
එසේ ම දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සහ කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩ සම්බන්ධතා සහ සමීප සහයෝගීතාවයේ වැදගත්කම ද නැවත වරක් තහවුරු කළ දෙපාර්ශ්වයම, වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණය, සංවර්ධන සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd