දේශපාලන අභියෝග හමුවේ, ආර්ථික අර්බුද රැසකින් බැට කන බංග්ලාදේශයේ සරම්ප වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. එරට මාධ්‍ය වාර්තා කළේ, රට පුරා පැතිරෙන මෙම සරම්ප වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට එල්ල වී ඇති ආර්ථික බලපෑම ඉතා දැඩි බවත්,‍ පවුල් 10 කින් 9 කට ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට ණය ගැනීමට සිදුව ඇති බවත්ය.

බංග්ලාදේශ රතු කුරුස සමාජය, ජාත්‍යන්තර රතු කුරුස මෙන්ම රතු අඩසඳ සමාජ සම්මේලනය ද එක්ව සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත. රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබා දීම සිදුවුවත්, වසංගතය හේතුවෙන්, පවුල් මත පැටවී ඇති ආර්ථික බර රෝහල් ප්‍රතිකාර වියදම්වලට පමණක් සීමා වී නොමැති බව පැවැසෙයි.